රනිල්ගේ නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ධවල පත්‍රිකාවටත් වඩා භයානකයි

“ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව” නමින් මේ වන විට ජනාධිපති කාර්යාලය නිකුත් කළ නවතම ප්‍රතිපත්ති මාලාව මගින් මේ දක්වා යම් පමණකට හෝ ආරක්ෂා වී තිබූ නිදහස් අධ්‍යාපන ක්‍රියාවලියේ කොඳු නාරටිය බිඳ දමා මුදල් උපයන යාන්ත්‍රණයක් බවට පත්කර ගැනීමට සැලසුම් කරගෙන ඇති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

ඇය මේ බව පැවසුවේ අද (08) දින පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව අතරතුරදීය.

මෙම නව ප්‍රතිපත්ති මාලාව විශ්වවිද්‍යාල පමණක් නොව පාසල් පද්ධතිය ඇතුළු නිදහස් අධ්‍යාපනයේ සියලුම ප්‍රතිපත්තිවලට පහර දෙනු ලබන්නකි. මෙයින් යෝජනා කරන්නේ ශිෂ්‍යයන්ට තව දුරටත් නිදහස් අධ්‍යාපනය නොලැබෙන බවයි. මෙම පනතත් සමඟ රජයෙන් උසස් අධ්‍යාපනයට යෙදවූ මුදල් නවතින බවත් අධ්‍යාපන පද්ධතිය ශිෂ්‍යයන්ගෙන් එකතු කරන මුදල් මත සහ රාජ්‍යයෙන් ලබා දෙන ණය මත පවත්වාගෙන යන ක්‍රමයක් බවට පරිවර්තනය වීමට නියමිත බව ආචාර්ය හරිනි පෙන්වා දෙනු ලැබුවා.

මෙහි දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ “අධ්‍යාපන ධවල පත්‍රිකාවටත් වඩා අතිශයින් භයානක එකක් මේ ඉදිරිපත් කර තිබෙන්නේ. අධ්‍යාපනයෙන් රජය ක්‍රමානුකූලව ඉවත්වීමේ ආරම්භය ධවල පත්‍රිකාවෙන් ගෙන ආවා නම් මෙය ඊටත් වඩා පුළුල් පරාසයකට විදිහී යනවා. ධවල පත්‍රිකාවෙන් බලපෑම් සිදුවූයේ උසස් අධ්‍යාපනයට. නමුත් යෝජිත ප්‍රතිපත්ති රාමුව පාසල් අධ්‍යාපනයෙනුත් රජය ඉවත්වීමේ අතිශය භයානක යෝජනාවක්” යනුවෙනි.

Latest News

More like this

ජනපති අනුර මත්ද්‍රව්‍ය ජාවාරම් තුරන් කිරීමේ සටනට බහී

කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට...

ඇවිළෙන්න ගිය ජාතිවාදී ගින්න නිවා දැමූ ජනපතිගේ ප්‍රකාශය

රට තුළ නැවත කිසිවිටක ජාතිවාදයට හිස එසවීමට තමන් ඉඩ...

බුදු පිළිම නාට්‍යය මගේ නම්.. රඟපාන්නේ ආණ්ඩුව… නාමල්

ත්‍රිකුණාමලය සම්බුද්ධි ජයන්ති විහාරයේ සංඝයාවහන්සේලාට පහර දුන් දෙදෙනා අත්...

පුටුවෙන් ඇද වැටුණු බැසිල් නොවැම්බර් 21 නාමල් නැගිට්ටවන්න එයි?

එළැඹෙන නොවැම්බර් 21 වැනිදා පොදු ජන පෙරමුණ සමඟ නාමල්...