අධි එන්ජින් ධාරිතාව සහිත යතුරු පැදි ලියාපදිංචියට අවසර

අධි එන්ජින් ධාරිතාවය සහිත යතුරුපැදි ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කිරීම සඳහා වන නව රෙගුලාසි පිළිබඳ යෝජනාවක් රජය විසින් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ෆේස්බුක් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අබේගුණවර්ධන මහතා මෙම යෝජනාව අනුමත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ට ස්තූතිය පළ කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔහු එහි සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ තාරුණයන්ගේ සහ යතුරුපැදි ලෝලීන්ගේ බහුවිධ ඉල්ලීම් මත ඉහළ එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා නව රෙගුලාසි සඳහා යෝජනාව ඉදිරිපත් කළ බවයි.

අධි එන්ජින් ධාරිතාවය සහිත යතුරුපැදි ලියාපදිංචි කිරීමෙන් ලැබෙන ආදායම ශ්‍රී ලංකා පොලිසිය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය අවශ්‍යතා සඳහා සමාන යතුරුපැදි මිලදී ගැනීම සඳහා යොදා ගන්නා බවයි ඔහු පවසා ඇත්තේ.

මේ වසරේ මාර්තු මාසයේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළ බව ප්‍රකාශ කරමින් මන්ත්‍රීවරයා මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ එන්ජින් ධාරිතාව 450CC ඉක්මවන යතුරුපැදි විශාල ප්‍රමාණයක් ඇති බව සඳහන් කර තිබෙනවා.

450CC සිට 1300CC දක්වා එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා විශේෂ රෙගුලාසි යටතේ අවසර ලබාදීම සුදුසු බවයි මෙහි දී යෝජනා වී ඇත්තේ.

මෙම යතුරුපැදි සඳහා විශේෂ පරීක්ෂණයකට යටත්ව රියදුරු බලපත්‍ර ලබාදීමට සහ දැනට පවතින වේග සීමාවන් වෙනස් කිරීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට ද යෝජනා කර ඇති බවයි පැවසෙන්නේ.

Latest News

More like this

ඖෂධ ආනයනයට රජය හෝ අමාත්‍යවරයා මැදිහත් වෙන්නේ නැහැ.. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි..

ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත...

සෞඛ්‍ය ඇමතිතුමනි, අපි මීයොද?

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන්...

රාජ්‍ය නායකයාට තවම අපේ මහානායක හාමුදුරුවෝ බැහැ දකින්න එන්න බැරි වුණා – කොටපිටියේ රාහුල අනුනාහිමි

රට තුළ කුමන දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වුවද දේශපාලන නායකත්වය...

දෙදෙනෙක් එළොව ගිය පසු ඔන්ඩන්සෙට්‍රෝන් පිළිබඳ විමර්ශනයක්

නිර්වින්දනය සම්බන්ධයෙන් භාවිත කරන ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීමෙන් මරණ...