ශ්‍රිලනිප ගිනි ගනිද්දී මෛත්‍රී තායි සැප සොයා ගිහින්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුගේ පවුලේ සාමාජිකයන් සමඟ තායිලන්ත සංචාරකට එක්ව ඇතැයි වාර්තා වෙනවා.

ඔහු එම සංචාරය සඳහා කටුනායක ගුවන් තොටුපළෙන් ඊයේ (09)දිනයේ පිටව ගිය බවයි වාර්තා වෙන්නේ.

තායි ගුවන් සේවයට අයත් ටීජී 308 අංකය දරණ ගුවන් යානයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස අලුයම 12.55 ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම සංචාරය සඳහා ඔහුගේ පවුලේ 09 දෙනෙකු එක්ව ඇතැයි සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මීට මාසෙකට ඉහතදී කරන ලද සැලසුමක් අනුව එම සංචාරය සිදු වන බවයි.

Latest News

error: Content is protected !!