චන්ද්‍රිකාගේ ලොක් එකයි මෛත්‍රීගේ ලොක් එකයි දෙකම අරිනකල් ශ්‍රිලනිපය ලොක්ඩවුන් වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ පාර්ශවයෙන් ඉබි යතුරු දැමූ කාර්යාලයට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් ද ඉබි යතුරු දමා ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙම පාර්ශව දෙකම නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි පාරේ කාර්යාලය විවෘත කළ නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

මෙම ඉබි යතුරු අර්බුදය විසඳීමට ඊයේ (09)පාර්ශවයන් දෙකම මරදාන පොලිසිය වෙත කැඳවා තිබුණා.

අදාළ කැඳවීමට අනුව පෙ.ව 10.00වන විට මෛත්‍රීගේ පාර්ශවයේ වැඩ බලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැමිණිය ද චන්ද්‍රිකාගේ පාර්ශවයෙන් කිසිවකු පැමිණ තිබුණේ නැහැ.

Latest News

More like this

හොංකොංහි නිවාස සංකීර්ණයක දැවැන්ත ගින්නක්… 300ක් අතුරුදන්

හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක ඇති...

දරුණු වධ හිංසා දී පකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් මරා දමයි…?

හිටපු පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් විස්මිත පුවතක් මේ...

ලෝකයේ අඩුවෙනකොට ලංකාවේ ඒඩ්ස්වල භයානක වැඩිවීමක්

ලෝකය ඒඩ්ස් රෝගය (HIV) අඩු කිරීම සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක්...