ඊශ්‍රායලය, හමාස් නායකයාගේ පුතුන් තිදෙනෙක් සහ මුණුපුරන් හතර දෙනෙක් ඝාතනය කරයි

ගාසා තීරයේ ගුවන් ප්‍රහාරයකින් ඔහුගේ පුතුන් තිදෙනෙකු සහ මුණුබුරන් හතර දෙනෙකු මිය ගිය බව හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ තහවුරු කර තිබෙනවා.

හමාස් සංවිධානයට සම්බන්ධ මාධ්‍ය පැවසුවේ ඔහුගේ පුතුන් ගමන් ගත් මෝටර් රථය ගාසා නගරය ආසන්නයේ අල්-ෂාටි කඳවුර ආසන්නයේ දී මෙම ප්‍රහාරයට ලක් වූ බවයි.

හනියේ බදාදා අල් ජසීරා වෙත පැවසූ ආකාරයට ඔහුගේ දරුවන් වන හසෙම්, අමීර් සහ මොහොමඩ් සහ ඔවුන්ගේ දරුවන් කිහිප දෙනෙකු ඊද් සඳහා උතුරු ගාසා හි ෂාටි සරණාගත කඳවුරේ ඥාතීන් බැලීමට යද්දී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබෙනවා.

පුතුන් තිදෙනා හමාස් සන්නද්ධ අංශයේ ක්‍රියාකාරීන් ලෙස විස්තර කරමින් ඊශ්‍රායලය මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පසු ගිය නොවැම්බරයේ දී එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් හනියේ ගේ නිවස ද සම්පූර්ණයෙන් විනාශ වූ බව සඳහන්.

මාස හයක යුද්ධයේදී ඔහුගේ ඥාතීන් 60 දෙනෙකු මිය ගොස් ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

Latest News

More like this

හොංකොංහි නිවාස සංකීර්ණයක දැවැන්ත ගින්නක්… 300ක් අතුරුදන්

හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක ඇති...

දරුණු වධ හිංසා දී පකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් මරා දමයි…?

හිටපු පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් විස්මිත පුවතක් මේ...

ලෝකයේ අඩුවෙනකොට ලංකාවේ ඒඩ්ස්වල භයානක වැඩිවීමක්

ලෝකය ඒඩ්ස් රෝගය (HIV) අඩු කිරීම සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක්...