මියන්මාර ත්‍රස්තයන්ගේ ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකියන් තායිලන්තයට

මියන්මාරයේ මියාවාඩි ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයන් 08 දෙනා දැඩි පරිශ්‍රමයක් දරා මුදා ගෙන මේ වන විට තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට භාර දී ඇති බව වාර්තා වෙනවා.

මේ පිළිබඳ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා පැවසුවේ මියාවාඩි ප්‍රදේශයෙන් මුදවාගත් ශ්‍රී ලාංකිකයන් 8 දෙනා මියාවාඩි මධ්‍යම පොලිස් භාරයේ රඳවා ගෙන සිටියේ ඔවුන් ශ්‍රී ලංකාවට එවීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සකස් කර ගැනීම සඳහා බවයි.

“මියාවාඩිවල ආරක්ෂක තත්ත්වය පිළිබඳ බරපතල තත්ත්වයක් ඇති වුණා.අපි ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා මේ 8 දෙනා අනාරක්ෂිත කලාපයෙන් මුදවා ගැනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සිදු කළා.ඒ අනුව අද උදෑසන මියන්මාර රජයේ ආගමන විගමන නිලධාරීන් විසින් මියන්මාර තායිලන්ත මිත්‍රත්ව පාලම හරහා මේ තරුණ තරුණියන් තායිලන්තයේ තානාපති කාර්යාලය වෙත භාර දුන්නා.”

මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන ඔවුන් ඉදිරි දින කිහිපයක් තුළ ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

හොංකොංහි නිවාස සංකීර්ණයක දැවැන්ත ගින්නක්… 300ක් අතුරුදන්

හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක ඇති...

දරුණු වධ හිංසා දී පකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් මරා දමයි…?

හිටපු පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් විස්මිත පුවතක් මේ...

ලෝකයේ අඩුවෙනකොට ලංකාවේ ඒඩ්ස්වල භයානක වැඩිවීමක්

ලෝකය ඒඩ්ස් රෝගය (HIV) අඩු කිරීම සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක්...