IMF ණය අනුමත කරයි.. ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබාගත හැකියි..

IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැකි වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කරන ලදැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කළේය.

මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ පවත්වනු ලබන සියලුම සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමටත්, විචක්ෂණ මූල්‍ය කළමනාකරණය සහ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් තුළින් තිරසාර ණය මට්ටමක් සාක්ෂාත් කර ගැනීමටත් කැපවන බව ජනාධිපතිවරයා කීය.

මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා IMF වැඩසටහන ඉතා වැදගත් වන අතර ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්ථාවරය වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇතැයි ද එය ආයෝජකයින් සහ සංචාරකයින් සඳහා ආකර්ශනීය රටක් බවට පත් වීමට ඉවහල් වනු ඇතැයි ද ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට(21) දිනයේ ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

Latest News

More like this

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...