මතීෂගේ පන්දු හමුවේ මුම්බායි ඉන්දියන්ස් අන්ත පරාජයට

මතීෂ පතිරණගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ(14) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 206 ක් ලබා ගනිමින්ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 186 ක් පමණි.

මුම්බායි ඉන්දියන්ස් නායක හර්දික් පාණ්ඩ්‍යා ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ 29 වන තරඟයේදී තම කණ්ඩායම ලකුණු 20 කින් පරාජය කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට වැඩිම සහයෝගය ලබාදුන්නේ, ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ පන්දු යැවීම බවයි.

අටවැනි ඕවරයේදී කිසිවකු නොදැවී ලකුණු 70ක් ලබා ප්‍රබල ආරම්භයක් ලබා සිටි මුම්බායි පිලේ වේගය අඩාළ කරමින් පතිරණගේ ආකර්ශනීය සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 28 කට මුම්බායි ප්‍රබල කඩුලු 4ක් දවා ගනිමින් සුපර් කිංග්ස් කණ්ඩායම ජයග්‍රහනය කරා මෙහෙයවූවා.

හිටපු නායක රෝහිත් ෂර්මාගේ ශතකයක් වාර්තා කර තිබියදීත්, ඉෂාන් කිෂාන් සහ සූර්යකුමාර් යාදව් දවාලීම ඇතුළු පතිරණ ලබාගත් තීරණාත්මක කඩුළු මුම්බායි ඉනිම අඩාළ කරනු ලැබුවා.

එම සුපිරි පන්දු යැවීම හේතුවෙන් මතීෂ පතිරණට තරගයේ වීරයා සම්මානයද හිමිවීම විශේෂත්වයක්.

Latest News

More like this

විස්සයි20 ලෝක කුසලාන තරග ලංකාවට ගේන්න බංගලාදේශය කළ ඉල්ලීමට ICCයේ කැමැත්ත පළ වේ

විස්සයි20 ලෝක කුස­ලාන තරග ඉන්දි­යා­වෙන් ඉවත් කර ශ්‍රී ලංකාවේ...

2026 IPL – පැතුම් කෝටි 13 කට අලෙවි වේ

IPL 2026 කුඩා වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම්...

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...