අවුරුද්දෙන් පසු මහා වැඩ වර්ජන කැරැල්ලක් සහ දේව කන්නලව්වක්

සිංහල-දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති බොහෝමයක් ඉල්ලීම් දිනාගැනීමේ වෘත්තීය සටන් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව වෘත්තීය සමිති නායකයෝ පවසා තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, ග්‍රාම නිලධාරි ආදී වශයෙන් රාජ්‍ය අංශයේ බොහෝමයක් ක්ෂේත්‍රවල වෘත්තීය සටන් ආරම්භ කරන බව ඔවුන් සඳහන් කරනවා.

ඒ අනුව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව විසඳීම, අධ්‍යාපනයේ බර මවුපියන්ගෙන් ඉවත් කිරීම, පාසල් උපකරණ මිල පහත දැමීම, ගුරු විදුහල්පති උසස්වීම් ලබා දීම, නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හකුළා ගැනීම යන ඉල්ලීම් මුල්කරගෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සිදුකරන බවයි.

අවුරුද්දෙන් පසුව කෙටි කාලයකදී අධ්‍යාපන අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය එක්ව ඒ සඳහා විසඳුම් නොදේ නම් අඛණ්ඩ වෘත්තීය සමිති අරගලයකට යොමුවන බව අවධාරණය කර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල දීමනා ගැටලුව විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පොරොන්දු වූ පරිදි චක්‍රලේඛයක් නිකුත් නොකළහොත් අවුරුද්දෙන් පසුව වෘත්තීය සටන්වලට යොමුවන බව සෞඛ්‍ය වෘත්තීය සමිතිය දැනුම් දී ඇති අතර ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය ද පවසන්නේ ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව වසර දහයකින් සංශෝධනය නොකිරීම, සේවා ගැටලු නොවිසඳීම, ප්‍රමාණවත් දීමනා ලබා නොදීම යන ගැටලුවලට අලුත් අවුරුද්ද අවසන් වීමට ඇති කෙටි කාලය තුළ රජය විසඳුමක් ලබා නොදේනම් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි.

ඒ අනුව පූර්ණ වැඩ වර්ජන හා උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල මෙන්ම පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා වූ දේවාලවල පොල් ගසා දේව කන්නලව්වක් සිදුකිරීමටද සැලසුම් කර ඇතැයි එම වෘත්තීය සමිති සන්ධාන පවසා තිබෙනවා.

සිංහල- දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව කෙටි කලක් තුළ සිය ඉල්ලීම් සහ දීමනා ලබානොදුනහොත් ලංගම සේවකයන්ට ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සිදුවන බවට සමස්ත ලංකා ප්‍රවාහන සේවා සංගමය ලංගම සභාපතිවරයාට අවුරුදු සතියේදී ලිඛිතව දැනුම්දී ඇතිබව පැවසෙනවා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!