දේශබන්දුට එරෙහිව පියවර ගැනීම වළක්වන අතුරු තහනම දික් කරයි

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ(20) නියම කළේය.

අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේ කොටුව ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළු වු අවස්ථාවේ දී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට ආසන්න මුදලක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පැමිණිල්ලකට අදාළවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කළේය.

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින කොටුව මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටී ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කොටුව මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටින ලෙස නීතිපතිවරයා වෙත උපදෙස් ලැබී තිබෙන බවත් අධිකරණ සේවා කොමිසම හරහා මහේස්ත්‍රාත්වරයාගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන 28 වනදා කැඳවීමට එහිදී දින නියම කළේය.

Latest News

More like this

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට...

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි – මහේෂ් සේනානායක (වීඩියෝ)

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි යන්න...

මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා විනිශ්චයන් දැඩි විවේචනයට !

පසුගියදා පැවැති මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2025 තරඟාවලියේදී ලබා...

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...
error: Content is protected !!