ජනපති, අගමැති ඇතුළු පාස්කු ප්‍රහාරයට ගෑවිච්ච සියලු දෙනා නීතිය ඉදිරියට – ජාතික ජනබලවේගයෙන් ප්‍රතිඥාවක්.

පටු දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වන පාස්කු ඉරිදා දින (2019.04.21) මිලේච්ඡ ප්‍රහාරය පිටුපස මහා මොළකරු සහ එහි සැලසුම් කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම සිය ආණ්ඩුවක ප්‍රමුඛ කටයුත්ත වන බවට ජාතික ජන බලවේගය ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.

එම ප්‍රතිඥාව මාධ්‍ය වෙත පැහැදිලි කරමින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී ජාතික ජන බලවේගය පැවැසුවේ 273 දෙනෙකුට ජීවිත අහිමි කළ තවත් 500 කට අධික පිරිසක් පූර්ණ ලෙස සහ අර්ධ ලෙස ආබාධිත කළ මිලේච්ඡ ප්‍රහාරයට වසර 5 ක් ගත වූ නමුත් ඊට වගකිව යුතු පාර්ශවයන් හෙළි කර වින්දියතයන්ට සාධාරණයක් ඉටු කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි.

එබැවින් ඒ පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂා කර සත්‍ය විමර්ශනය කරගැනීමට සහ පීඩාවට පත් පාර්ශවයන්ට යුක්තිය ඉෂ්ඨ කිරීම අරමුණු කරගනිමින් පූර්ණ අධිකරණ බලැති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව ඔවුන්ගේ ප්‍රතිඥාවේ සඳහන් වෙනවා.

එහි නිර්දේශයන් මත ඉතා කෙටි කලක් තුළ, මෙම ප්‍රහාරයන් දියත් කිරීමට කුමන්ත්‍රණය කළ අයවලුන්ට සහ විවිධ අයුරින් ඊට වගකිව යුතු පාර්ශවයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් ඒ මත දඬුවම් පැමිණවීමත් ජාතික ජන බලවේගයේ රජයක් තුළ කටයුතු කරන බවයි එම ප්‍රතිඥාවේ සඳහන් වන්නේ.

ඒ අනුව එම ප්‍රහාරයට සැබෑ ලෙසම වගකිවයුතු පාර්ශවයන් හඳුනාගනිමින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළක්වූ ආරක්ෂක අංශවල නිලධාරීන් සහ වෙනත් නිලධාරීන්ද ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු ඊට වගකිවයුතු සෑම දේශපාලන බලධාරීයෙක්ම, සෑම රාජ්‍ය නිලධාරියකුම නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව එම ප්‍රතිඥාවේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

දැන් වයසයිනේ… නාමල්ගෙන් මහින්දගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ කොළඹ පෞද්ගලික රෝහලකය...

මාළු ඉන්න තැන් කියලා ධීවරයාට එවනවා කිව්ව SMS පණිවිඩය කෝ..

වත්මන් රජය පසුගිය ජනාධිපතිවරණයේ දී සෑම දිනකම උදෑසන මුහුදේ...

රටම අවුස්සන ප්‍රචාරක මෙහෙයුමක්.. පරිස්සමෙන්.. රජයට රතු එළියක්..

අද සිට ඉදිරි සතියක පමණ කාලය තුළ විවිධ අන්තවාදී...

මම ආණ්ඩුව විවේචනය කළේ නැහැ. මත්ද්‍රව්‍ය විනාශ කිරීමට යෝජනා කළා පමණයි…

මේතාක් ආණ්ඩු බලය හෙබවූ අනෙකුත් සෑම රජයකටම සාපේක්ෂව ජාතික...