දැවැන්ත අරගලයකින් ‘පිස්සා’ පලවා හරිද්දී තඩි හොරෙක් ගෙට පැන්නා

“දැවැන්ත අරගලයකින් පිස්සු මනුස්සයා පලවා හරිනකොට ඒ ගෙදරට තඩි හොරෙක් පැන්නා, ඒ තඩි හොරා රනිල්” යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික ජේ‍යෂ්ඨ නීතිඥ හර්ෂණ නානායක්කාර හෝමාගම ජන රැලිය අමතමින් පවසයි. “ඒ තඩි හොරා ගේ ඇතුළේ ඉඳලා අපිට විරුද්ධව අද නඩු කියනවා” යැයිද හෙතෙම කියා සිටියේය. එහිදී ඔහු මෙසේද කීය.

“මේ රැලිය අද අපිට පවත්වන්න තිබුණේ ජයග්‍රාහී රැලියක් විදිහට ඡන්දය තිබ්බ නම්. 2019 අපි ගේට්ටුව ඇරලා ටොප් බඩුවක් ගෙනාවා කියලා ගේ ඇතුළට දාගත්තා. අන්තිමට සටනක් කරලා ඒ පිස්සු මනුස්සයා ඇරියා. ඒ පිස්සු මනුස්සයා පලවා හරිද්දි ගේ ඇතුළට තඩි හොරෙක් පනිනවා. ඒ තඩි හොරා තමයි රනිල් වික්‍රමසිංහ. ඒ තඩි හොරා ගේ ඇතුළෙ ඉඳන් අපිට විරුද්ධව නඩු කියනවා. ජන වරමක් නැති රනිල්, රාජපක්ෂලාගේ බලය ඇතිව අද පරමාධිපත්‍ය බලය හොබවනවා. මේ සියල්ලට විරුද්ධව ජනතාව කතිරයෙන් සිය බලය පෙන්වන්න හදද්දි ඡන්ද කල් දානවා. මම නම් කියන්නෙ නෑ. පොහොට්ටුවේ මොළේ බාගෙට තැම්බුණු, ඇඳන් යට හැංගුණු මන්ත්‍රිලා ගමට ගිහින් අද වහසිබස් ‍ෙදාඩනවා. හැබැයි අපි ගෙන් ගෙට ගිහින් ජනතාවගේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරමින් ඉන්න වෙලාවක මේ අයම සමීක්ෂණ කරනවා. ඒ සමීක්ෂණවලින් පෙන්නන්නෙ ජාතික ජන බලවේගය එහෙම නැත්නම් මාලිමාවේ ජයග්‍රහණය. ඉතිං ඡන්ද තියයිද? ඡන්ද තියන්නෙ නෑ. මේ ජයග්‍රහණය දරාගන්න බැහැ.

මෙච්චර කාලයක් රටේ පාලකයෝ වුණේ වලව් පැළැන්තිවලින් ආපු අය. ඉංග්‍රීසි කතා කරන, ටයිකෝට් දාන, කොළඹ ප්‍රධාන පාසලක ඉගෙන ගත්තු අය. ඒ අය එකට එකතු වෙලා මැච් ගහනවා. ඒ මැච් එක අතරතුර මෙන්න ගමේ ටීම් එකක් ඒකට බහිනවා. ඒ තමයි ජාතික ජන බලවේගය. ගමේ ටීම් එකට ඒ අය බය වෙනවා. මැච් එක දිනනවා වගේ දැනෙනකොට රනිල් විකට් එක, බැට් එක, බෝලෙ හංගනවා. මේ විදිහට තමයි මේගොල්ලෝ හැසිරෙන්නේ. රනිල් තරම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රකාශ කරන කෙනෙක් තවත් නෑ. හැබැයි වෙලාවට ඡන්ද තියන්නේ නැහැ.”

දෙහිවල – ගල්කිස්ස නගර සභාපති අපේක්ෂිකා සමන්මලී ගුණසිංහ

“ඡන්දයක් කියද්දී මේ රටේ පාලකයෝ බයෙන් සලිත වෙනවා. හරියට ගැර¾ඩියාට භූමිතෙල් ගැහුවා වගේ. ඡන්දයක් කියන්නේ ජනතා අයිතියක්. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒ අයිතිය ලබාදීම පාලකයන්ගේ වගකීමක්. පාලකයෝ තමන් අසමත් කියලා ජනතාවට තේරෙද්දී, ඒ වගේම පාලකයන්ට විස¾දුම් නැති වෙද්දී, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගන්නවා. අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන ඉන්න ජනතාවක්.

අපි පාලනයේ වෙනසක් අපේක්ෂාවෙන් ජනතාව අතරට ගියා. බලවේග ශක්තිමත් කළා. වැඩකරන ජනතාව ඉදිරියට ආවා. තරුණ තරුණියෝ, කම්කරුවෝ බලවේගයක් ලෙසට ශක්තිමත් වී ආණ්ඩුවට අභියෝගයක් කළා. පාලකයෝ මේ අභියෝගවලට බයයි. ඒ නිසා ඡන්ද කල් දමමින්, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ඉන්නවා. ඡන්දය කල් දමන්න, කල් දමන්න, ජනතාව මාලිමාව වටා පෙළ ගැසෙමින් පාලකයන්ගේ අභියෝගවලට අභියෝග කරමින් ශක්තිමත් බලවේගයක් බවට පත්වී තිබෙනවා. අපි පාලකයන්ට කියනවා ඔබ දවසින් දවස ඡන්දය කල් දමන්න ජනතාව දවසින් දවස, වැඩි වැඩියෙන් අපි වටා එකතු වෙනවා වගේම ඔබගේ පරාජය දවසින් දවස ඉක්මන් වෙනවා.

අපි හම්බකරලා තිබෙන්නේ අපි වෙනුවෙන් නොවෙයි ඔවුන් වෙනුවෙන්. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය අසාධාරණ විදිහට උදුරා ගත්තෙ වසර 75ක් පාලනය කළ පාලකයෝ. අපි ඔබට කියනවා ඔබ සංවිධානය වෙන්න, ඔබ වෙනුවෙන්, ඔබේ, දරුවාගේ අනාගතය වෙනුවෙන්.”

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික – විමල් කැටපෙආරච්චි

“වික්‍රමසිංහ රාජපක්ෂ දෙබෑයන්ට අපි කියනවා මේ රටේ ජනතාව දැන් තීරණයක් ගෙන හමාරයි මාලිමාව දිනවන්න. පළාත් පාලන මැතිවරණය නොවෙයි වෙන ඕන මැතිවරණයක් තිබ්බොත් ජයග්‍රහණය මාලිමාවට.

අපි ප්‍රචණ්ඩ වෙනවා නම් මේ පාලකයෝ කැමැතියි. අපි ඒ උගුලේ අහුවෙන්නේ නැහැ. අපි සටන් කරන්නේ උපරිම ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ. හැබැයි අපි නිවටකමට වැටෙන්නෙත් නෑ. අපි පාලකයන්ට කියනවා තැන තැන රිළා නැටුම් කරන්න එපා. මේ ජනතාව රොද බැඳගෙන, මේ වේදිකාව ළඟ පුළුවන්නම් නටපල්ලා.”

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

“මේ ජරා දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මාලිමාව වටා පෙළ ගැසෙමින් පවතින මේ මොහොතේ රනිල් අනීතික ලෙස, ව්‍යවස්ථා විරෝධී ලෙස ඡන්දය කඩාකප්පල් කර තිබෙනවා. හැබැයි රනිල් ඔයා දාන මේ සෙල්ලම අවසන් වන්නේ ජනතාව නමැති කළුගලේ ඔයාගෙ ඔළුව හප්පගෙන බව මතක තබා ගන්න. ජනතාවගේ ඡන්ද අයිතිය කොල්ලකෑමට ගිය සෑම නායකයාටම සිද්ධ වුණේ ඒකයි.

මෙතෙක් මේ රටේ පාලන බලය හුවමාරු වුණේ පවුල් කිහිපයක් අතරේයි. ප්‍රාදේශීය දේශපාලන බල හුවමාරුවේදීත් සිදුවූයේ එයයි. මේ පවුල් වටා චෞර වළලු ගණනාවක් හැදුණා. කළු ව්‍යාපාරික වළල්ලක් තමයි ඒ වටා ගොඩනැඟුªණේ. මේ දූෂිත පවුල් පාලනය ආරක්ෂා කිරීම සඳහා කුඩා නිලධාරි චෞර වළල්ලක්ද ඒ වගේම ඒ වර්ගයේ මාධ්‍ය ජාලයකුත් හැදුණා. ආරක්ෂක අංශවල ඉතා කුඩා චෞර වළල්ලක්ද ඒ වටා ගොඩනැඟුණා.

දැන් චණ්ඩි පාට්වලින්, සුළු සුළු දේවල් බෙදල, ඇමවල් දීලා බලය ලබාගත්තු, රැකගත්තු යුගය අවසන්. දැන් ජනතාව දන්නවා මේ බෙදන්නේ හොරාකාපු දේවලින් සොච්චමක් කියලා. දැන් ජනතාව රවට්ටන්න බෑ. ඒ නිසා දැන් පාලකයෝ ඡන්දවලට බයයි. අපි ජනතාව අතරට ගිහිල්ලා පුන පුනා මේ හදන දූෂිත, අපරාධකාරී දේශපාලනය ගැන කිව්වා. ඒත් ඇහුවේ නැහැ. හැබැයි දැන් ජනතාව මේ බව හොඳින්ම වටහාගෙන ඉවරයි. ඒ නිසා පාලකයෝ ඡන්දවලට බයයි. ව්‍යවස්ථාවේ බලය ඇතුළෙ තමන්ගේ බලය රැකෙනවා නම් එය පාලකයන්ට උත්තරීතරයි. බලය ගිලිහී යනවා නම් මොවුන් ව්‍යවස්ථාවට පයින් ගහනවා. එය කඩදාසියක් පමණයි එතකොට.

දැන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා අධිකරණ තීන්දුවත් සමච්චලයට ලක්කරලා. ඡන්දයට මුදල් දෙන්න අධිකරණ තීන්දුව දුන්න විනිශ්චයකාරවරු ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවට කැඳවන්න යනවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි මෙහෙම දෙයක් වෙන්නේ. මේ පාලකයන්ට අධිකරණ තීන්දුව උත්තරීතර වෙන්නේ බලය රැකෙනකම් විතරයි. ඒ බලයට අභියෝග වෙනකොට ඡන්ද, ව්‍යවස්ථාව, අධිකරණය මේ පාලකයන්ට මායාවක් බවට පත්වෙනවා. ඒ නිසා බලය රැකගැනීම සඳහා යා හැකි උපරිම දුර දක්වා මේ පාලකයෝ යන බව අපි දන්නවා.

මේ නැතිවෙන්න යන්නේ ඒගොල්ලන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට දිගහැරලා තිබෙන බල සිතියම. ඉතිං බය නොවී තියේවිද? මේගොල්ලෝ සාමකාමී ලෙස බලය අතහරින්න සූදානම් නෑ. හැබැයි මේ අයව වේදිකාවෙන් බස්සන්න බලය තිබෙන්නේ මහජනතාව අත. අද ඒ මහා ජනතා බලය තිබෙන්නේ මාලිමාව අතේ. ඒ නිසා මහජනතාවගේ බලය එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි රනිල්ට තදින් අවධාරණය කරනවා. අපි ඒ ජනතා බලය සමඟ මේ පාලකයන්ව ගෙදර යවන එක යවනවාමයි. ඒ දිනය වැඩි අෑතක නොවන බව අපි අවධාරණය කරනවා. ජනතාවගෙන් මහා ධනස්කන්ධයක් කොල්ලකාපු රනිල් – රාජපක්ෂ පාලක හවුල තමන්ගේ ගිණුම් පිරී ඉතිරී යන තරමට පුරවා ගත්තා.”

– අනුරාධා හේරත්

Latest News

More like this

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...
error: Content is protected !!