ජාතික ජන බලවේගයට හිතවාදී ෆේස්බුක් පිටුවකට ප්‍රහාරයක් 

ජාතික ජන බලවේගයට හිතවාදී සමාජ මාධ්‍යය නාළිකාවක් වන A5 News Sri Lanka හි ෆේස්බුක් ගිණුමට මේ වන විට හැකර් (Hacked) ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ අනුව ඊයේ (16) දිනයේ සිට එම පිටුව නැවත යථා තත්ත්වයට පත් කිරීමට උත්සහ ගනිමින් සිටින බවයි එහි මෙහෙයුම් කණ්‍ඩායම සඳහන් කළේ.

මේ වන විට එම ෆේස්බුක් පිටුව පාලනය කරන කණ්ඩායමක් විසින් විවිධ විදේශීය කෙටි වීඩියෝ දර්ශන එයට ඇතුළත් කරමින් සිටින ආකාරය දැකගත හැකියි.

ඊයේ දිනයේ යාවත්කාලීන කළ පුවත් සහ වීඩියෝ ඇතුළුව එහි පැරණි දත්ත මකා දැමීමක් සිදු කර නොමැති බව ද එම මාධ්‍ය කණ්ඩායම අප වෙත ප්‍රකාශ කළා.

A5 News Sri Lanka ජනතා විමුක්‍ති පෙරමුණට නැඹුරු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මෑත කාලීනව එම පෙරමුණට විශාල ප්‍රචාරයක් ලබා දුන් සමාජ මාධ්‍ය නාළිකාවකි.

Latest News

error: Content is protected !!