කතෝලික ප්‍රජාවට ජාතික ජන බලවේගය අලුත් බලාපොරොත්තුවක් – අගරදගුරු

මේ වන විට බලයේ සිටින කිසිදු පාර්ශවයකින් පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ සාධනීය විමර්ශනයක් සිදුවේයැයි බලාපොරොත්තු තබා ගත නොහැකි වුවත් මේ වන විට ජාතික ජනබලවේගයෙන් ඒ පිළිබඳ වාචික ප්‍රතිඥාවක් ලැබී ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම පාර්ශවය තමාගෙන් අවස්ථාවක් ඉල්ලා ඇති බවයි අගරදගුරුතුමන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

එම අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවත් එහිදී ඔවුන් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනු ඇති අතරම එහිදී ඉදිරිපත් කරන වැඩපිළිවෙල විමර්ශනය කරන බව ද කාදිනල් හිමිපාණන් මෙහිදී සඳන් කළා.

“එයාල මගෙන් එපොයිමන්ට් එකක් ඉල්ලලා තියෙනවා. මමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා මොකටද ඒගොල්ලො මගේ එපොයිමන්ට් එක පාවිච්චි කරන්නේ කියලා. එයාල වැඩපිළිවෙලක් දුන්නොත් අපි ඒ වැඩපිළිවෙළ විමර්ශනය කරලා බලන්න සුදානම්.

අපි බලාපොරොත්තු වෙනවා එයාල බලයට පත් වූ පසු අපට ලබාදුන් පොරොන්දුව ඉෂ්ට කරයි කියලා. අපි වතාවක් දෙකක් අත පුච්චගත්තා. මම රැවටුණා. සිරස මාධ්‍ය ජාලය එක්ක කරපු වැඩසටහනක්දිත් මං ඒ ගැන ප්‍රකාශ කළා.”

Latest News

More like this

දැන් වයසයිනේ… නාමල්ගෙන් මහින්දගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ කොළඹ පෞද්ගලික රෝහලකය...

මාළු ඉන්න තැන් කියලා ධීවරයාට එවනවා කිව්ව SMS පණිවිඩය කෝ..

වත්මන් රජය පසුගිය ජනාධිපතිවරණයේ දී සෑම දිනකම උදෑසන මුහුදේ...

රටම අවුස්සන ප්‍රචාරක මෙහෙයුමක්.. පරිස්සමෙන්.. රජයට රතු එළියක්..

අද සිට ඉදිරි සතියක පමණ කාලය තුළ විවිධ අන්තවාදී...

මම ආණ්ඩුව විවේචනය කළේ නැහැ. මත්ද්‍රව්‍ය විනාශ කිරීමට යෝජනා කළා පමණයි…

මේතාක් ආණ්ඩු බලය හෙබවූ අනෙකුත් සෑම රජයකටම සාපේක්ෂව ජාතික...