පාස්කු ප්‍රහාරයේ ආණ්ඩුවේ විමර්ශන ෆේල් යැයි කී අගරදගුරුවරයා NPPයෙන් ඉල්ලුවේ නිසි විමර්ශනයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ මේ දක්වා සිදු කළ කිසිදු විමර්ශනයක් පිළිබඳ අගරදගරු මැල්කම් කාදිනල් හිමිපාණන් සෑහීමකට පත් නොවන බව ඊයේ දිනයේ (18) සිදු වූ හමුවේ දී පෙනීගිය බව ජාතික ජන බලවේගය සඳහන් කරයි.

පවතින රජය මේ දක්වා සිදු කළ යාන්ත්‍රණය සත්‍ය වශයෙන්ම ඒ පිටුපස සිටින සැබෑ අපරාධකරු සොයා ගැනීමට අපොහොසත් වී ඇති බව අගරදගරුතුමන් එම හමුවේදී පැවසූ බව ජාතික ජනබලවේගය නියෝජනය කරන උපුල් කුමාරප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

“කාදිනල්තුමන් කිව්වෙත් විමර්ශනයක් සිදුවෙලා නෑ කියලා. උන්වහන්සේ අපට පැහැදිලිව කිව්ව නිසි විමර්ශනයක් අවශ්‍යයි කියලා. ඒක අපිත් පැහැදිලිව දකින දෙයක්. විමර්ශනයක් වෙනව නම් අබු හින්ද් කියන පුද්ගලයා හොයාගන්න වෙනවා. සහරාන්ගේ බිරිඳගේ ප්‍රකාශය අනුව විමර්ශනයක් පටන් ගන්න වෙනවා.ඇත්තටම සාරා ජෙස්මින්ගේ DNA එක අවුරුදු හතරක් සමපාත නොවුණේ කොහොමද කියල හොයන්න වෙනව.”

Latest News

More like this

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...