ඉරාන ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරයට ලෝක බලවතුන්ගෙන් විරෝධයක්

ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ ඊශ්‍රායල රජය විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

පසුගිය දා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට (MFA) පැමිණි ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙසේ ඒ පිළිබඳ විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බව පැවසෙනවා.

ජනාධිපති රයිසිගේ සංචාරයට පෙර ඉරාන ආරක්ෂක අංශ කණ්ඩායමක් පසුගිය දා මෙරටට පැමිණි බවට ද වාර්තා පළ වුණා.

ඉරාන ජනාධිපතිවරයා එක්දින නිල සංචාරයක් සඳහා අප්‍රේල් 24 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඩොලර් මිලියන 529ක් වටිනා ටෙහෙරානයේ ආධාර ලබන උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමටයි.

ඉරාන ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය මත්තල ගුවන් තොටුපළට ගොඩබෑමට නියමිත අතර එදිනම රටින් පිටවීමට පෙර ජනාධිපතිවරයා දැඩි ආරක්‍ෂාව යටතේ උමාඔයට රැගෙන යාමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

2008 වසරෙන් පසු ඉරාන ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගවලට අනුව, ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳව එක්සත් ජනපද FBI මෙන්ම ඉරාකයේ මොසාඩ් ද දැඩි අවධානයෙන් පසුවෙනවා.

Latest News

More like this

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...