ලංකාව තුළ ඩයලොග් සහ එයාර්ටෙල් ඒකාබද්ධ වේ

ඩයලොග් ආසිආටා පීඑල්සී “Dialog”, ආසිආටා බර්හාඩ් සමූහය “Axiata”සහ භාරතී එයාර්ටෙල් සමාගම “Bharati Airtel” ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ වැඩපිළිවෙකට අත්සන් තබා තිබෙනවා.

සමාගම් දෙක මෙලෙස ඒකාබද්ධ කිරීමෙන්, පිරිවැය වාසි සැලසෙන අතර, විදුලි සංදේශ යටිතල පහසුකම් ඒකාබද්ධ කර වඩාත් ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙයි.

එමගින්, අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා, ඇමතුම් හා අමතර සේවාවන් තාක්ෂණිකව වැඩිදියුණු වන අතර, පිරිවැය ඉතිරිය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩි කිරීමට ඉවහල් වනු ඇති බව සඳහන් වෙනවා.

දිවයිනේ විදුලි සංදේශ ක්ෂේත්‍රයෙහි උන්නතිය වෙනුවෙන් ඇති ඉදිරි දැක්මට අනුකූලව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), සමාගම් දෙක අතර මෙම යෝජිත ඒකාබද්ධ කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

මෙම සමාගම්වල ඉහළ කළමනාකාරීත්වය වැඩි දුරටත් පවසා ඇත්තේ ප්‍රමුඛ පෙළේ ටෙලිකොම් සමාගම් දෙකක ශක්තින් ඒකාබද්ධ වීම මගින් ශ්‍රී ලංකාවේ ටෙලිකොම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සහ තිරසාරභාවයට මහත් රුකුලක් ඇති වනු ඇති අතරම මෙමගින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට සහ ව්‍යවසායකයන්ට වඩාත් ඉහළ අත්දැකීමක් සහ නවෝත්පාදනයන් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි.

Latest News

More like this

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...