පියුමි හංසමාලි කටවහන් ඉන්නෙ ඇයි? money laundering කේස් එකට බය වෙලාද?

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත්ව තිබී මේ වන විට පියුමි හංසමාලි භාවිත කරන රේන්ජ් රෝවර් රථය පිළිබඳ විමර්ශනයක් කරන්නැයි මගෙන් රටට සංවිධානය නීති විරෝධි වත්කම් විමර්ශන ඒකකය වෙත පසුගිය දා පැමිණිල්ලක් කළා.

ඉන්පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම සංවිධානයේ සභාපති සංජය මහවත්ත කිව්වෙ දේශපාලන ලෝකයේ කලු සල්ලි සුදු කරන ව්‍යාපාරයට පියුමි සම්බන්ධ බවට ලොකු සැකයක් ඇති බවයි.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන තුරු මාධ්‍ය වෙත ප්‍රකාශයක් නොකළ පියුමි ඇගේ ෆේස්බුක් පිටුවෙන් ඊට ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

ඇය එහි කියා ඇත්තේ ඇය මුදල් හම්බ කරන්නේ ව්‍යාපාර දෙකකින් බවයි.

‘‘ඇයි Piumi hansamali කට වහන් ඉන්නෙ බය වෙලාද? CID එකෙ මාත්තුරැ වැඩෙ කරන යනවා නෙ. මම කට ඇරලා නිකං චොකා නොවි ඉන්නවා😂😂 මාත්තයා කිව්වා මෙන්න වැන්දා කට නම් අරින්න එපා..😂 කාටවත් බනින් එපා.. ඔයා සල්ලි හම්බ කරෙ ඔයාගෙ lollia skin care එකෙනුයි piumiskin එකෙනුයි ඉතිං එක CID එකෙන් හොයලා. එයාලා කියයි. ඔයා සද්ද නැතුව ඉන්න කියලා. ඉතිං මම ඔහෙ ඉන්නවා ගෙදරට වෙලා.”

මීට පෙර ඇය දැමූ ෆේස්බුක් පෝස්ට් එකක පාන් පෙත්තක්වත් කන්න ඇඟේ පණ නැති නිට්ටෑවෙක් මයික් එකක් ඉස්සරහට ගිහින් මනි ලොන්ඩරින් කියා කෑගහන තරමට දියුණු වෙන්න යයි පවසා තිබුණා.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!