බැසිල්ගෙ මල්වානේ මන්දිරය හරක් පට්ටියක් කරන්න සැලසුමක්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බව පැවසෙන නමුත් පසුකාලීනව කිසිදු හිමිකරුවෙක් සොයා ගැනීමට නොහැකු වූ ගම්පහ ‘මල්වානේ නිවස’ සහ ඉඩම ඝාතකාගාරවලින් නිදහස් කරගත් ගවයන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ලබාදෙන ලෙසට අධිකරණ අමාත්‍යංශයට ඉල්ලීමක් ලැබී තිබෙනවා.

ඒ අනුව එහි උසස් නිලධාරියකු පැවසුවේ අධිකරණ තීන්දුවක් මගින් මල්වානේ දේපළ රාජසන්තක කර තිබෙන බැවින් මෙම ඉල්ලීම පිළිබඳ කෙසේ කටයුතු කළ හැකි දැයි සොයා බලන ලෙසට අමාත්‍යංශයේ නීති අංශයට මේ යෝජනාව යොමු කළ බවයි.

මෙම ඉඩම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයට තීරණයක් ගත නොහැකි බවත්, නීතිපති දෙපාර්තමේන්තුවේ මතය විමසා ඉදිරි ක්‍රියාමාර්ගවලට යොමුවන බවත් එම නිලධාරියා සඳහන් කර තිබෙනවා.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව ගොවිපොළවල රාජකාරි සිදු කළ පශු සම්පත් නිලධාරියකු විසින් මෙම ඉල්ලීම සිදු කර ඇති බව සඳහන්.

ගව ඝාතකාගාරවලින් වටිනාකම ගෙවා නිදහස් කරගන්නා කිරි දෙනුන්ට හා වැස්සියන්ට ආහාර හා ඖෂධ ලබා දී රැක බලාගැනීමට මල්වානේ නිවෙස සහ ඉඩම එසේ ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.

අධිකරණ නියෝගයකින් රාජසන්තක කළ මල්වානේ ඉඩම සහ ගොඩනැගිල්ල ගවයන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට සුදුසු අයුරින් පිහිටා තිබෙන බව එම ඉල්ලීම මගින් පෙන්වා දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Latest News

More like this

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...

ගෑස් හිඟයක් නෑ.. නැව එනවා – විජිත

ගෑස් හිඟයක් ළඟදීම ඇති වන බවට අද (18) පාර්ලිමේන්තුව...

රටට වුණු හානිය ලෝකෙට පෙන්නන වීඩියෝ පටයක් හදාගන්න තාම ආණ්ඩුවට බැරි වුණා – මරික්කාර්

දිට්වා සුළි කුනාටුවෙන් සිදු වුණු හානිය තක්සේරු කිරීමට රජය...