ආරක්ෂක ඇමතිකම ලැබුණොත් කරන දේ ෆොන්සේකා කියයි

පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුවන විට මෙරට ආරක්ෂාව භාවර කටයුතු කළ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආරක්ෂක කවුන්සිලය රැස් නොකර ජාතික ආරක්ෂාව සැහැල්ලුවට ගනිමි ග්‍රාම නිලධාරියකු තරම් හෝ වගකීමකින් කටයුතු කර නොමැති බවත් තමාට අවස්ථාවක් ලැබුණොත් මෙම ප්‍රහාරයට වගකිවයුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා තිබෙනවා.

පාස්කු ප්‍රහායට වසර පහක් පිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව ප්‍රකාශ කළ ඔහු, මෙම ප්‍රහාරයේ සම්පූර්න වගකීම ආරක්ෂව භාරව සිටි සහ ආරක්ෂක උපදෙස් නිසි ආකාරව ක්‍රියාත්මක නොකළ ජාතික ආරක්ෂාව සැහැල්ලුවට ගත් හිටපු ජනාධිපතිවරයා භාර ගත යුතු බව සඳහන් කළා.

ඒ අනුව හිටපු ආරක්ෂක ඇමති හා පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් දඬුවම් කිරීම ඵලක් නැති කාර්යයක් බවයි සරත් ෆෝන්සෙකා මහතා සඳහන් කළේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කාල සීමාව වන විට මාස දෙකකින් ආරක්ෂක කවුන්සිලය රැස් කර නොමැති බවත් අගමැතිවරයා ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාට එම කවුන්සිලයට පැමිණීමට ඉඩ ලබා දී නොමැති බව ද ඔහු මෙහි දී පැවසුවා.

“අඩුම තරමේ එයා බෝම්බ පිපුරුවට පස්සේ ආවෙ නෑ.තුම් පිම්මක් පැන්නත් එන්න පුළුවන් දුරක සිංගප්පුරුවේ හෝටල් කාමරේක මෙඩිකල් චෙකප් වගයක් කර කර ඉඳලා රෑ දොළහට තමයි ලංකාවට ආවේ. ඒ වගේ මිනිහෙක් රටේ ජාතික ආරක්ශාව භාරව හිටියම මොකද වෙන්නේ කියලා හිතාගන්න පුළුවන්. අපි යුද්ධ කරන කාලේ මේ තරම් ජීවිත හානියක් නොවුණු සිද්ධියක් වුණත් පැය දෙකක් ඇතුළත එතනට එනවා විමර්ශන කටයුතු සඳහා. මේක ආරක්ෂක කවුන්සිලය වශයෙන් රැස්වෙලා නවත්වන්න තිබ්බ විශාල මෙහෙයුමක්.”

“මම අතීතයේ කියපු දේවල් මේ රටට ඉෂ්ඨ කරපු කෙනෙක්. මම ජාතියටපොරොන්දුවක් දෙනවා මට අවස්ථාවක් ලැබුණොත් මම ඒ යුතුකම ඉටු කරනවා කියලා.” යනුවෙන් ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...
error: Content is protected !!