මෛත්‍රීට නඩු 400 ක් 500 ක් තියෙනවා. විජයදාස ගෙනාවේ ඒ නඩුවලින් බේරෙන්න

ඇමැති විජයදාස රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර ගැනීම නීති විරෝධි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පවසා තිබෙනවා.

ඒ අනුව ඒ මහතා වැඩබලන සභාපතිවරයා ලෙස පත්කරගෙන ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව පවතින නඩුවලින් බේරීමට බවයි දුමින්ද දිසානායක මහතා පවසන්නේ.

එමෙන්ම මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව නඩු 400ක් 500ක් පවතින බවත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසියම් මුදලකට අලෙවි කර තිබේදැයි සැකයක් පවතින බව ඔහු පවසා සිටියා.

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු නොවන බවත් ඔහු මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, දේශපාලන මණ්ඩලය හෝ වෙනත් පක්ෂයේ වැදගත් අවස්ථාවලදී සහභාගි වූ අයකු නොවන බව ද ඔහු සඳහන් කළා.

පක්ෂයේ කිහිපදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩකරන බවට චෝදනා කර පක්ෂයෙන් ඉවත් කර ඇති අතර විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ ඇමැතිවරයකු බව මෙහි දී ඔහු අවධාරනය කළා.

විජයදාස රාජපක්ෂ මහතා විධායක සභාවේ 116කින් තෝරා පත්කර ගත් බව ප්‍රකාශ කළත් ඔළුගෙඩි 116ක් තිබුණට ආසන සංවිධායකවරුන් ඇතුළු විධායක සභාවේ බහුතරය එම අවස්ථාවට සහභාගි වූ බව තමා පිළිනොගන්නා බවත් දිසානායක මහතා වැඩි දුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!