ලෝක ආහාර වැඩටහන එක්ක එකතුවෙලා ආණ්ඩුවෙන් ළමයින්ට දීපු කෑම එකේ තරම එළියට

පාසල් සිසුන්ගේ ආහාර වේල ලබාදීම සඳහා භාවිත කිරීමට වේයන්ගොඩ ප්‍රදේශයේ රජයේ ගබඩාවක ගබඩා කර තිබූ සහල් තොග ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ කෘමි හානි හේතුවෙන් අදාළ සහල් තොග පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති බවයි.

මෙසේ පරිභෝජනයට නුසුදුසු බව අනාවරණය කරගෙන ඇත්තේ පාසල් සිසුන්ට පෝෂ්‍යදායී දිවා ආහාරය නොමිලේ ලබාදීම සඳහා ක්‍රියාත්මක කළ පාසල් ආහාර වැඩසටහන සඳහා ලෝක ආහාර වැඩසටහන (WFP) මඟින් ලබා දුන් සහල් තොගයක් බවයි පැවසෙන්නේ.

පවතින තත්ත්වය හමුවේ මේ වන විට අදාළ ආහාර ගබඩාවෙන් සහල් තොග නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම සහල් තොගවල ප්‍රමිතිය පිළිබඳව ලැබුණු පැමිණිලි කිහිපයක් අනුව රජයේ රස පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි වේයන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම ගබඩාවෙන් සහල් සාම්පල 1,000කට අධික ප්‍රමාණයක් ලබාගෙන පරීක්ෂා කිරීමෙන් පසු මෙම තත්ත්ත්වය අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

දිගටම මාව විවේචනය කරන්න.. මම රටටම හුස්ම පිඹින එක නතර කරන්නේ නැහැ.. විපක්ෂ නායක සජිත්

විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට මේ ක්‍රියාවලිය නිර්වචනය කළත් මේ...

දිවයින පුරා පොලිස් ස්ථානවල බැලුන් හිඟයක්… සපුගස්කන්දෙත් තිබිලා නෑ

දිවයිනේ බොහෝ පොලිස් ස්ථානවල මත්පැන් පානය කළ බීමත් රියැදුරන්...

‘රන්වල හොඳ මිනිසෙකි’ ආණ්ඩුවේ ස්ථාවරය එළියට

"රංවල.. හොඳ මිනිසෙකි... ඔහු ගැන නොදන්නා අයට අනුකම්පා කරමු.."...

අනුරනේ ඔක්කොම කරන්නේ… 159ක් යැව්වෙ බම්බු ගහන්නද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට පාලනය කිරීම සඳහා...