සන්නස්ගලටත් මූල්‍ය වංචා චෝදනාවක්..

උපුල් ශාන්ත සන්නස්ගලගේ මූල්‍ය වංචාවක් යැයි පැවසෙන සිදුවීමක් පිළිබඳ ඉරාජ් වීරරත්න ඔහුගේ Irag You Tube නාළිකාව ඔස්සේ හෙළිදරව්වක් කර තිබෙනවා.

“ලක් පියාගේ වංචාව” ලෙස නම් කර ඇති එම කෙටි වීඩියෝවේ ඉරාජ් සහ සන්නස්ගල වෙත මුදල් ලබා දුන් පුද්ගලයකු අතර දුරකථන ඇමතුමක් ඇතුළත් වන අතර එහි දී එම පුද්ගලයා ඉරාජ් වෙත පවසන්නේ සන්නස්ගල සර් ඔහුගෙන් මසක් ඇතුළත නැවත දෙන බව පවසමින් ලබා ගත් මිලියනයක මුදල නැවත ලබා දීම අතපසු කළ බවයි.

ඔහු එම මුදල නැවත ඉල්ලා සිටීමේ දී එය තමාගේ නවතම චිත්‍රපටයට අරමුදල් (Crowd Funding) ලෙස ලබා දුන්නක් බව පවසමින් සන්නස්ගල, එම මුදල් ගණුදෙනුව මඟ අරින බවත් ඉන්පසු ඔහු මේ සම්බන්ධයෙන් කඳාන පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කළ බවයි එම පුද්ගලයා පවසන්නේ.

මෙම සිදුවීමට අදාළ හඬපට පොලිසියට ලබා දීමෙන් පසු විශ්වාසය කඩවීමක් උද්ගත වී ඇති බව පැවසූ පොලිසිය මේ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට හා විමර්ශනයකින් පසු සන්නස්ගල අත් අඩංගුවට ගැනීමට සිදුවනු ඇතැයි සන්නස්ගලට දැනුම් දුන් බව මෙම පුද්ගලයා ඉරාජ් සමඟ සඳහන් කරනවා.

ඔහුගෙන් ලක්ෂ 10 ක් ලබා ගත් බව පොලිසිය ඉදිරියේ පිළිගත් සන්නස්ගල එතැනදීත් එය චිත්‍රපටයට ලබා දුන් අරමුදලක් බවයි පවසා ඇත්තේ.

නමුත් අදාළ හඬපටවල ඔහු මෙම තැනැත්තාගෙන් මාසයක් ඇතුළත ලබා දෙන බව පවසමින් රු මිලියනයක් ඉල්ලන ආකාරය සහ එම මුදල නැවත ලබා දුන් පසු කැමති මුදලක් අරමුදල් ලෙස ලබා දෙන ලෙස පවසන ආකාරය පැහැදිලිව සටහන් වී තිබෙනවා.

ඉරාජ් මෙම සංවාදය අවසානයේ පවසන්නේ මෙම සිදුවීම වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු එය වාර්තා කිරීමට ඉඩ දිය නොහැකි බව පවසමින් වාර්තාකරණයට බාධා කිරීමක් ද පොලිසිය සිදු කර ඇති බවයි.

Latest News

More like this

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...

බොලිවුඩයේ සදාකාලික වීරයා එක රැයින් දුෂ්ටයෙකු වේ

බොලිවුඩයේ සදාකාලික පෙම්වතා ලෙස ෂාරුක් ඛාන් ඔසවා තැබූ ඉන්දියානුවන්...

නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජනතාවට භාර දෙන්න… ජනපති අනුර

මෙවර 2026 වසරට අදාළව අයවැය ප්‍රති­පා­දන යටතේ ක්‍රියා­ත්මක කිරී­මට...

ට්‍රම්ප්ගේ ඊලඟ ඉලක්කය… ග්‍රීන්ලන්තය බියෙන් සලිත වෙයි

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලා ගැනීමෙන් පසු එක්සත් ජනපදයේ...