මෙන්න අනුරගෙන් විවාදෙට දිනේ : සජබෙ දැන් මොකද කියන්නේ

මේ වන විට මතභේදයට තුඩු දී ඇති යෝජිත අනුර සජිත් විවාදය පිළිබඳ විවිධ මත සමාජ ගත වෙමින් පවතින බැවින් විවාදය සිදු කිරීම සඳහා ජාතික ජන බලවේගය පාර්ශවයෙන් දින ලබා දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව එම විවාදය 2024 මැයි මාසයේ 07, 09, 13, 14 යන දිනවලින් ඕනෑම දිනයක දී පැවැත්විය හැකි බවයි ජාතික ජනබලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සමගි ජන බලවේගයේ මහාලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලිඛිතව යොමු කළ නිවේදනයේ සඳහන් වන්නේ.

එමඟින් දැනුම් දී ඇත්තේ සමගි ජන බලවේගයේ සූදානමට අනුව දිනය තෝරා ගැනීමෙන් අනතුරුව අදාළ වේලාව, විවාදයේ කාලසීමාව, ස්ථානය සහ විකාශනය වන නාලිකාව පසුව සාකච්ඡා කර ගත හැකි බවයි.

යම් හෙයකින් සමගි ජන බලවේගය ලෙස මෙම විවාදයට එකඟ නොවන්නේනම් ඒ බව කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන ලෙසද එම ලිපියෙන් ජාතික ජන බලවේගය ඉල්ලීම් කර තිබෙනවා.

ඔවුන් මීට ඉහතදී ද යෝජනා කළ පරිදි රට මුහුණ දී ඇති සමස්ත අර්බුදයට හේතු සහ විසඳුම පිළිබඳ විවාදය 2024 වර්ෂයේ එළඹීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට නියමිත ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයින් දෙදෙනා අතර පැවැත්විය යුතු බවත් ජාතික ජන බලවේගය වෙනුවෙන් නායක අනුර කුමාර දිසානායක මහතා ඊට සහභාගී වනු ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්.

රංජිත් මද්දුමබණ්ඩාර මහතා
මහලේකම්
සමගි ජන බලවේගය
592, කෝට්ටේ පාර,
කෝට්ටේ.

මහත්මයාණෙනි,

විවාදය සඳහා දින නියම කර ගැනීම පිළිබඳවයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා නිශ්චිත දින නියම වීමක් මෙතෙක් සිදු නොවීම හේතුවෙන් ජනතාව අතර මේ සම්බන්ධව නිවැරදි නොවන අදහස් මතු වීමේ ඉඩක් තිබේ.

ඒ අනුව අප විසින් මීට ඉහතදීද යෝජනා කළ පරිදි රට මුහුණ දී ඇති සමස්ත අර්බුදයට හේතු සහ විසඳුම පිළිබඳ විවාදය 2024 වර්ෂයේ එළඹීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට නියමිත ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයින් දෙදෙනා අතර පැවැත්විය යුතු බව අපි අවධාරණය කර ඇත්තෙමු. අප පක්ෂය වෙනුවෙන් නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඊට සහභාගි වනු ඇත.

එම විවාදය සඳහා 2024 මැයි මාසයේ 07, 09, 13, 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට අපි සූදානම්ව සිටිමු. මේ සම්බන්ධව ඔබ පක්ෂයේ සූදානමට අනුව දිනය තෝරා ගැනීමෙන් අනතුරුව අදාළ වේලාව, විවාදයේ කාලසීමාව, ස්ථානය සහ විකාශනය වන නාලිකාව අපට පසුව සාකච්ඡා කර ගත හැකිය.

එසේම යම් හෙයකින් සමගි ජන බලවේගය ලෙස මෙම විවාදයට එකඟ නොවන්නේනම් ඒ බව කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිමු.

වෛද්‍ය නලින්ද ජයතිස්ස
ජාතික විධායක සභික
ජාතික ජන බලවේගය
2024.04.22

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...
error: Content is protected !!