අනුර දිවුරුම් දෙන හැටි කියයි..

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස තේරී පත් වුවහොත් ඔහු වැඩ භාර ගන්නා ආකාරය පිළිබඳ එම පක්ෂයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා අනාවරණය කර තිබෙනවා.

රූපවාහිනී දේශපාලන සංවාදයක් අතරතුර ඔහු පැවසුවේ අද ප්‍රවෘත්ති විකාශයකින් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර ඇති බව පැවසුවහොත් අනෙකුත් රජයේ සේවකයකු පරිද්දෙන්ම අනුර කුමාර දිසානායක මහතා ද රාජකාරි සඳහා පිටත්ව යනු ඇති බවයි.

“ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළේ අද නම් අද ඉඳන්ම මේ රට වෙනස් කරන්න ඕන. ජනාධිපති කියල කිව්වට පස්සෙ කැබිනට් එක කිව්වට පස්සෙ මොකටද ආයෙ දිවුරුම් දීමේ උත්සව. මුලු රටේම ජනතාවගේ ධනය වියදම් කරලා ආරක්ෂක හමුදා කැඳවලා, ආචාර වෙඩිමුර නෑ, නිදහස් චතුරස්‍රෙ හරි රුවන්වැලි මහා සෑය හරි අරගෙන රටේ බදු මුදල්වලින් උත්සව තියනවා මේ රටේ ජනාධිපති කියල පෙන්නන්න.

අපි ඒ ඔක්කොම නවත්තනවා.

රෑ ප්‍රවෘත්තිවල කිව්වට පස්සෙ ජාතික ජන බලවේගය දිනල තියෙන්නෙ කියලා ගුරුවරයා වැඩට යනව වගේ රාජ්‍ය සේවකයා වැඩට යනව වගේ ජනාධිපතිවරයාත් වැඩට යනවා. ඡන්දෙට කලින් පෙන්නන්නෙ නැති නෝනා ඊට පස්සෙත් පෙන්නන්නෙ නැති නෝනා දිවුරුම් දෙද්දි විතරක් ළඟ තියාගන්නෙ මොකටද? හුඟක් ඇමතිලගේ පෞද්ගලික ලේකම් තමයි නෝනා. අපි අත තියන්නෙ නෑ අපි කොමිස් ගන්නෙ නෑ කියනවා. නෝනා තමයි ගන්නෙ”

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!