චමරි ඇතුළු කාන්තා ක්‍රිකට් ශූරියන්ට කෝටි එකහමාරක බෝනස් එකක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල මෑත වකවානුවේ වාර්තා කළ ජයග්‍රහණ වෙනුවෙන් එම ක්‍රීඩිකාවන් දිරිගැන්වීම උදෙසා රුපියල් කෝටි එකහමාරක (ඇමරිකානු ඩොලර් 50,000ක) පමණ වටිනා මූල්‍ය ප්‍රදානයක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි.

ලබන මස මුල් සතියේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී මෙම මුදල සම්බන්ධයෙන් අවසන් එකඟතාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

එයට අමතරව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ වාර්ෂික කොන්ත්‍රාත් මුදල විශාල වශයෙන් වැඩිකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු අනුමැතිය ලැබී ඇති බවත්, ඉදිරියේදී ඔවුන් දිරි ගැන්වීමට තව තවත් ප්‍රදානයන් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානම් බවයි ලේකම්වරයා පවසා ඇත්තේ.

පසු ගිය දා නිමාවූ දකුණු අප්‍රිකාව සමඟ තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ කාන්තා ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කිරීමට සමත් වූ අතර ලෝක එක්දින කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 3 වැනි ස්ථානයේ සිටින දකුණු අප්‍රිකාව සමඟ එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම කළ අතර, විස්සයි 20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ සමත් වුණා.

ලොව කාන්තා එක්දින තරගයකදී ඉහළම සාර්ථක ලකුණු හඹායාම ශ්‍රී ලංකා කණ්ඩායම සටහන් කරමින් ලකුණු 302ක් ලැබූ අතර, චමරි අතපත්තු කාන්තා එක්දින තරගයකදී ලෝකයේ තුන්වන ඉහළම ලකුණු ලැබූ පිතිකාරිනිය බවට පත්වෙමින් පන්දු 139කදී හයේ පහර 5ක් හා හතරේ පහර 26ක් සමඟ නොදැවී ලකුණු 195ක් වාර්තා කළා.

ඉනිමකදී ලැබූ එම තනි පුද්ගල ලකුණු ගණන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේදී දෙවැනි වන්නේ පැතුම් නිශ්ශංකට පමණි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ගෙවුණු මාස 10ක කාලය තුළ එක්දින තරගවලදී එංගලන්තය, නවසීලන්තය, බංග්ලාදේශය පරාජය කළ අතර, විස්සයි20 තරගවලදී එංගලන්තය, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකා යන ප්‍රබල කණ්ඩායම් පරාජයට පත් කළා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගීවීම උදෙසා අබුඩාබි වෙත පැමිණ සිටින අතර, එහි පළමු තරගය මේ 25 වැනිදා ටොලරන්ස් ඕවල් පිටියේදී තායිලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.

Latest News

More like this

විස්සයි20 ලෝක කුසලාන තරග ලංකාවට ගේන්න බංගලාදේශය කළ ඉල්ලීමට ICCයේ කැමැත්ත පළ වේ

විස්සයි20 ලෝක කුස­ලාන තරග ඉන්දි­යා­වෙන් ඉවත් කර ශ්‍රී ලංකාවේ...

2026 IPL – පැතුම් කෝටි 13 කට අලෙවි වේ

IPL 2026 කුඩා වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම්...

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...