ඉන්දියාවෙන් ලංකාවට වන්දනාකරුවන් හා සංචාරකයින් ගෙන්වන දැවැන්‍ත ව්‍යාපෘතියක් ඇරඹේ

ඉන්දු – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයක් සමඟින් Shree Ramayan Trails (ශ්‍රී රාමායන මංපෙත) ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ(22) කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී සිදු වුණා.

“ශ්‍රී රාමායන් මංපෙත” වන්දනා චාරිකා ව්‍යාපෘතිය මඟින් රාමායන වීර කාව්‍යය ඇසුරු කරගනමින් ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රධාන ස්ථාන නවයක් ආවරණය වන පරිදි ස්මාරක නිර්මාණය කිරීම සිදු කෙරෙනවා.

එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදිවන දැවැන්තම ස්මාරක ලෙස හැඳින්විය හැකි එම ස්ථාන හින්දු භක්තිකයින්ගේ වන්දනාව සහ සංචාරය සඳහා ප්‍රචලිත කිරීම සිදු කෙරේ.

මෙම වන්දනා චාරිකා ව්‍යාපෘතිය සඳහා මන්නාරම් ද්‍රෝණියේ පිහිටි ආදම්ගේ පාලමේ සිට නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි සීතාඑළිය දක්වා රාමායන වීර කාව්‍යයේ සඳහන් සෑම ස්ථානයක්ම ආවරණය වීම විශේෂත්වයක්.

එමෙන්ම අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් පිළිබඳ උනන්දුවක් දක්වන මිලියන සංඛ්‍යාත ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීම මෙහි ප්‍රධාන අපේක්ෂාව වනු ඇති බවයි පැවසෙන්නේ.

මෙම සිද්ධස්ථානවල සංචාරය කිරීමට අවස්ථාව ලබාදීමට අමතරව, මෙම ඓතිහාසික සිද්ධස්ථාන හා බැඳුණු පැරණි අධ්‍යාත්මික සිදුවීම් කෘත්‍රිම බුද්ධිය (AI), Virtual Reality වැනි අති නවීන තාක්‍ෂණය ඔස්සේ සජීවීකරණයට ලක්කර පෙන්වීම හරහා මෙම සංචාරයෙහි නිරතවන්නන් හට නවමු අත්දැකීමක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

ඉන්දියාවේ අයෝධ්‍යයා හි සුවිශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ ප්‍රධාන භාණ්ඩාගාරික ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් ස්වාමිතුමාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා එක්ව සිටියා.

ඇමරිකානු ඩොලර් මිලියන 50කට අධික ආයෝජනයක් සමඟ ප්‍රබල කලාපීය ආයෝජකයින් හා එක්ව සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් (Supreme Global Holdings) විසින් මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබයි.

Latest News

More like this

සංක්‍රාන්තික ලිංගික පුද්ගලයින්ගෙන් බහුතරය ලිංගික ශ්‍රමික රස්සාව තෝරාගෙන…

මෙරට සිටින සංක්‍රාන්තික ලිංගිකභාවයක් (Transgender Sex) සහිත පුද්ගලයින්ගෙන් සියයට...

කාන්තාවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකුට සමීප සහකරුගෙන් ලිංගික හිරිහැර

ගෝලීයව කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ආසන්න වශයෙන් සිය සමීප...

පුරවැසියෙක් වීම පුරුෂ ලිංගය එළියට දානවට වඩා ලොකු වැඩක්… නවසීලන්ත ජාතික තරුණියට ආචාරය

නවසීලන්ත ජාතික තරුණියගේ මේ ලස්සන වචන ටිකට පින් දෙන්න...

නාමල්ගේ උපාධි සහතිකවල දින පැටලිලා.. නලින්දගෙන් හෙළිදරව්වක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට...