ඇමරිකානු හමුදා නැගෙනහිර මුහුදේ යුධ අභ්‍යාසවල නිරත වෙද්දී ඉරාන ජනපති මත්තලට ගොඩ බහී

එක් දින සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව සිටි ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා මීට සුළු මොහොතකට පෙර ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ අනුව අද විවෘත කෙරෙන උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය විවෘත කිරීම ඔහු අතින් සිදුවනු ඇති බව වාර්තා වෙනවා.

ඉරාන ජනාධිපති රැගත් විශේෂ ගුවන් යනය මත්තල ගුවන් තොටට ගොඩබා ඇති අතර ඔහු එතැන් සිට උමාඔය දක්වා යාමට නියමිතය.

අනතුරුව මෙරටදි ගිවිසුම් පහකට අත්සන් තැබීමට නියමිත අතර පස්වරුවේ ඔහු නැවත කටුනායක ගුවන් තොරවලින් ශ්‍රී ලංකාවෙන් බැහැරව යාමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ අතර ඇමෙරිකානු නාවික හමුදාව හා ශ්‍රී ලංකාව නාවික හමුදා අතර යුධ අභ්‍යාසයක් ද පැවැත්වෙමින් තිබීම විශේෂත්වයකි.

සඳුදා දින ආරම්භ කරන ලද මෙම යුද අභ්‍යාසය සිකුරාදා දින තෙක් පැවැත්වෙන බවයි වාර්තා පවසන්නේ.

Latest News

More like this

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...