දමිතා සහ සැමියා ඇප පිට ගෙදර යවයි

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසු වූ ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළා.

සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීම සිදු කළේ මහේස්ත්‍රාත් කෝෂල සේනාධීර විසින් ලබා දුන් නියෝගයකට අනුවයි.

කොරියාවේ රැකියා අවස්ථා ලබා දෙන බවට පොරොන්දු වෙමින් දමිතා සහ ඇගේ සැමියා රුපියල් ලක්ෂ 30 ක් වංචා කළ බවට පොලිසියට ඉදිරිපත් වූ පැමිණිල්ලක් අනුව ඔවුන් රිමාන්ඩ් භාරයට පත්ව සිටියා.

Latest News

error: Content is protected !!