දැන් ඉතින් කිසිම ප්‍රශ්ණයක් නැතිව ලයිට් බිල් අඩු කරන්න පුළුවන්

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියත් සමග මෙගා වොට් 120 ක ජල විදුලියක් ලැබෙන අතර ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ කටයුතු “කිසි ම ප්‍රශ්නයක් නැතුව” සිදු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබෙනවා.

ඔහු මේ බව පැවසුවේ අද (අප්‍රේල් 24) උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සඳහා පැවති උත්සවයේදී ය.

“අපේ බලශක්ති ඇමතිතුමාටයි, මුදල් අමාත්‍යංශයටයි විශාල සහනයක්. තව මෙගාවොට් 120ක් ජල විදුලි බලය ලබෙනවා. ඒ නිසා මිල වැඩි කරනවා ද අඩු කරනවා කියන ප්‍රශ්නය නැහැ. මං හිතන්නේ ඊළඟ මාස කිහිපයේ කිසි ම ප්‍රශ්නයක් නැතුව ඒ වැඩකටයුතු ගෙන යන්න පුළුවන්.”

“ඉරානය සමග මීට වඩා කිට්ටු සම්බන්ධකම් ඇති කරගෙන අපි ඉදිරියට යමු,” යැයි එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

More like this

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...

රනිල්, දේශබන්දු සහ හිටපු ජනාධිපති ලේකම්ගේ ඉරණම තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳගේ ආචාර්ය උපාධි...