ඉරාන ජනාධිපතිවරයාට යන්න හදිසියේ මාර්ග වසා දැමීම නිසා කුපිත වූ මිනිස්සු පාරවල් දෙවනත් කරයි

ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසිගේ සංචාරය නිමිත්තෙන් ආරක්ෂක විධිවිධාන යටතේ අද (24) පස්වරුවේ කාර්ය බහුල වේලාවන්හිදී පෙර දැනුම්දීමකින් තොරව කොළඹ මාර්ග වසා දැමීම හේතුවෙන් මහජනතාව සහ රථවාහන රියදුරන් මහත් අපහසුතාවයට පත් වුණා.

දැනුම්දීමකින් තොරව මාර්ග වසා දැමීම නිසා කුපිත වූ පිරිස් සිය රථවල හෝර්න් (Horns) නාද කරමින් කෝපය පිට කරනු දක්නට ලැබුණා.

උමා ඔය ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ඉරාන නායකයාගේ පැමිණීම නිමිත්තෙන් රජය දැඩි ආරක්ෂක විධිවිධාන සලසා තිබීම ඊට හේතුවයි.

ආරක්ෂක පියවරක් ලෙස කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ඔහුගේ රථ පෙළේ ගමනාගමනයට පහසුකම් සැලසීම සඳහා මාර්ග වසා දැමුණු නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි මිත්‍ර රටක නායකයාගේ සංචාරයක දී රියදුරන්ගේ එම හැසිරීම රජය අපහසුතාවට පත් කිරීමක් වුණා.

ඉරානය සහ ශ්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ විශිෂ්ට සබඳතා භුක්ති විඳි අතර ජාත්‍යන්තර සංසද ගණනාවකදී එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කර තිබෙනවා.

Latest News

More like this

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...

රනිල්, දේශබන්දු සහ හිටපු ජනාධිපති ලේකම්ගේ ඉරණම තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳගේ ආචාර්ය උපාධි...