ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවන් තමන්ගේ හයිය පෙන්වන මැයි දිනයක් වේව්

ලංකාවේ දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක වසරක් ලෙස රටේ පුරවැසියන් ඉල්ලන පරිවර්තනීය යුගය ආරම්භ කරන සලකුණක් මෙන්ම වැඩ කරන කාන්තාවගේ සුවිශේෂී මැයි දිනය බවට මෙවර ජාතික ජන බලවේගයේ මැයි දිනය පත්වනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඉතිහාසයේ මෙතෙක් කිසිදිනක නොදුටු ලෙස පළමුවරට මෙවර මැයි දිනයේ දී කාන්තාවන් තමන්ගේ බලය පෙන්වීමට එක්වනු ඇති බවත් ඒ ජාතික ජන බලවේගයේ මැයි රැළි හතරේ දී බවත් ඇය සඳහන් කළා.

මේ රටේ සියලුම ආර්ථික ක්ෂේත්‍රයන් නියෝජනය කරන කාන්තාවන් රටේ ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස ක්‍රියා කළ ද ඔවුන්ගේ ජීවිත පවතින්නේ ඉතා දුක්ඛිත තත්ත්වයක බවයි ඇය පැවසුවේ.

“බදු වැඩිවෙන විට, බඩු මිල වැඩිවෙන විට ගැහැනියගේ ජීවිතය ඉතාමත් සංකීර්ණ වෙනවා වගේම අමාරු වෙනවා. තම නිවස තුළ, වැඩ කරන ආයතනය තුළ, ප්‍රජාව තුළ මේ සෑම තැනකදීම ගැහැනියට විශාල අර්බුදවලට මුහුණ පෑමට සිදුවෙලා තිබෙනවා. ඒ වගේම ඒ තිබෙන තත්වයන් සියල්ලම කළමනාකරණය කරගෙන පවුල රැකගන්න ඇය විශාල සටනක යෙදෙමින් ඉන්නවා.

ඒ නිසාම 2024 මැයි දිනය ගැහැනු අපට සුවිශේෂී මැයි දිනයක් වෙන්න නියමිතයි. අපි සියලුම ගැහැනුන්ට ආරාධනා කරනවා, මෙතෙක් ගෙන ආ පිබිදීම, තමන්ගේ බලය පෙන්වන්න මේ මැයි දිනය අවස්ථාවක් කර ගනීවි යැයි අපි විශ්වාස කරනවා. මේ රට වෙනස් කරන ප්‍රධාන බලවේගයක් හැටියට ගැහැනු අපි මැයි දිනයේදී එකතු වෙමු කියා ආරාධනා කරනවා.”

ජාතික ජන බලවේගයේ හැටියට පවත්වන ප්‍රථම මැයි දිනය යාපනය,අනුරාධපුරය,කොළඹ සහ මාතර යන ස්ථාන හතරකදී පැවැත්වෙන බව මෙහි දී පැවසුණා.

Latest News

More like this

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...

රනිල්, දේශබන්දු සහ හිටපු ජනාධිපති ලේකම්ගේ ඉරණම තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳගේ ආචාර්ය උපාධි...