විජයදාසත් එක්කම මෛත්‍රී පිළ හාන්සියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (24) වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල කටයුතු කිරීම වළක්වාලමින් ද අධිකරණය තවත් වාරණ නියෝගයක් නිකුත් කිරීම ද සිදු කෙරුණා.

ඊට අමතරව වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ද තවත් වාරණ නියෝගයක් නිකුත් කරන ලද බව වාර්තා වී තිබෙනවා.

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම වාරණ නියෝග නිකුත් කළ බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, මෙම වාරණ නියෝග මැයි මස 8 වන දා දක්වා බලපැවැත්වෙනු ඇති.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...