වෙපන් එක දුන්නේ පාවිච්චි කරන්න. පවක් වෙන් නෑ. බය වෙන්න එපා.

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවන අතර අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා තිබෙනවා.

දැනට සිටින කණ්ඩායම ප්‍රමාණවත් නොවන්නෙ නම් යතුරු පැදි කණ්ඩායමක් ද පිහිටුවීමට කටයුතු කරන බව ඒ මහතා සඳහන් කළා.

ඒ මහතා මේ බව සඳහන් කලේ කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන ලද පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

“අපි ඔබලා වෙනුවෙන් හරි දේට පෙනී සිටිනවා. මෙතන ඉන්න අය මොකක්ද කරන්න ඕන කියල දන්නවා.මොකක්ද අවශ්‍යතාවය කියලා හැමදේම දන්නවා. මේ කණ්ඩායම මදි වුනොත් තව පොලිස් යතුරුපැදී කණ්ඩායමක් පිහිටවනවා.

අපිට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය මොකක්ද කියලා සියලු පොලිස් නිලධාරීන් දන්නවා. මට අවශ්‍ය ඒ ඉලක්කයට යන්න පමණයි. ඔබලා සියලු දෙනාටම පඩි වැඩි කිරීම් ඇතුළු හැම දෙයක්ම කලා. මම ඔබලාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඉලක්කයට යාම පමණයි.”

Latest News

More like this

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...

රනිල්, දේශබන්දු සහ හිටපු ජනාධිපති ලේකම්ගේ ඉරණම තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳගේ ආචාර්ය උපාධි...