දකුණු කොරියාවේ පදිංචියට යනවද..? මෛත්‍රී උත්තර දෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ඒ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව ඔහු පවසා ඇත්තේ
තමන් දකුණු කොරියාවේ පදිංචියට යන බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

දකුණු කොරියාවට තබා ලෝකයේ කිසිදු රටකට පදිංචිය සඳහා යාමේ තීරණයක් ගෙන නොමැති බවයි ඔහු පවසන්නේ.

එම අසත්‍ය ප්‍රචාර දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ බව සඳහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයයි මේ.

2024 අප්‍රේල් මස 27 වන දින

සියලුම දෙනාගේ දැනගැනීම පිණිසයි

මා දකුණු කොරියාවේ පදිංචියට යන බවට අසත්‍ය ප්‍රකාශයන් විවිධ ජනමාධ්‍යන් හරහා විශාල ප්‍රචාරයක් ලබා දෙන බව මේ දින වල පෙනී යයි. දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිඳු රටකට පදිංචියට යාමට මාහට අවශ්‍යතාවයක් නොමැත.

දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙන යන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රචාර මා විසින් තරයේ ප්‍රතික්ෂේප කරමි.

මා වෙත අධිකරනයේ වාරන නියෝගයක් තිබෙන බැවින්, පක්ෂයේ බලයලත් නිලධාරීන් විසින් ගම්පහ නගර සභා භූමියේදී ලෝක කම්කරු දිනය සාර්ථකව පැවැත්වීමට සියලුම කටයුතු මේ වන විටත් සංවිධානය කර ඇත.

ස්තූතියි

මෛත්‍රීපාල සිරිසේන
පාර්ලිමේන්තු මන්ත්‍රී
හයවන විධායක ජනාධිපති

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!