ඉරාක Tik Tok තරුව මහමඟ ඝාතනය කරයි

ඉරාකයේ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය බලපෑම් කරන්නියක වන Umm Fahad (උම්ම් ෆහාඩ්) බැග්ඩෑඩ් හි පිහිටි ඇගේ නිවසින් පිටතදී සිකුරාදා යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව ඉරාක ආරක්ෂක අංශ පවසනවා.

නාඳුනන ප්‍රහාරකයෙකු විසින් ඇගේ මෝටර් රථය තුළදී වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ.

AFP වාර්තාවලට අනුව ප්‍රහාරකයා ආහාර බෙදාහරින පුද්ගලයෙකු ලෙස පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.

Umm Fahad TikTok හි ජනප්‍රියත්වය ලබා ගත්තේ ඉරාක සංගීතයට නර්තනයේ යෙදෙන වීඩියෝ පළ කිරීමෙනි.

එහිදී ඇය එම වීඩියෝවලට උචිත ඇඳුම් වලින් සැරසී රංගනයන්හි යෙදුණු අතර මෙම වීඩියෝ ඉරාකයේ අධිකරණය විසින් නුසුදුසු ලෙස සලකා තිබුණා.

ඒ සඳහා දඬුවම් ලෙස මාස හයක සිරදඬුවමක් පැනවූයේ “අසභ්‍ය සහ අශෝභන භාෂාවන් අඩංගු චිත්‍රපට සහ වීඩියෝ කිහිපයක් නිෂ්පාදනය කර ප්‍රකාශයට පත් කිරීම, මහජන විනීතභාවය සහ සදාචාරය උල්ලංඝනය කිරීමක්” යැයි චෝදනා කරමිනි.

Latest News

More like this

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...