විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ජීවත් වෙන රටේ සිටම ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීමට සූදානම්

තමන්ගේ රටේ පාලකයා තෝරා ගැනීමට ලෝකයේ කොතැනක ජීවත් වුණත් පුරවැසියන්ට අයිතියක් ඇති බවත් එම අයිතිය තහවුරු කරමින් ජාතික ජන බලවේගයේ අණ්ඩුවක දී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් ජීවත්වන රටක සිටම ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිය ලබා දෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් විමසූ ගැටලු කිහිපයකට පිළිතුරු දෙමිනි.

තලතා අතුකෝරළ විදෙස් සේවා අමාත්‍යාංශය භාරව සිටි කාලයේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ යෝජනාවක් අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දෙන ක්‍රමවේදයක් සකස් කළ බව ඔහු මෙහිදී සඳහන් කළා.

කෙසේවෙතත් මේ වන විට විදෙස් සංචාරවලදී තමන්ට ලැබෙන ප්‍රතිචාර අනුව නම් මෙවර ඔවුන් වෙත ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය නොලැබෙනු ඇති බව පැහැදිලිව ප්‍රකාශ කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Latest News

More like this

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...

බොලිවුඩයේ සදාකාලික වීරයා එක රැයින් දුෂ්ටයෙකු වේ

බොලිවුඩයේ සදාකාලික පෙම්වතා ලෙස ෂාරුක් ඛාන් ඔසවා තැබූ ඉන්දියානුවන්...