අගාධයට යන ශ්‍රී ලංකන් එයාලයින්ස් මිලදී ගන්න සුප්‍රීම් ග්ලෝබල් සමාගමේ මනිවන්නන් සූදානම්

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකා එයාර්ලයින්ස් මිලදී ගැනීම සඳහා වන ලංසු තැබීමේ ක්‍රියාවලියට මෙරට තවත් සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ හිමිකරුවන ආර්. එම්. මනිවන්නන් මහතා ඉදිරිපත් වී සිටින බව නිවේදනය කර තිබෙනවා.

මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයට අනුබද්ධ ව්‍යාපාර ජාලයක් හරහා දේශීය ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන මෙන සමාගම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ජවය සහ ලාභය සහිත ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා සුබ දිශානතියකට යොමු කිරීමට අවශ්‍ය මූලික පියවර ගනිමින් සිටින බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

සුප්‍රීම් ග්ලෝබල්ස් සමාගම ඒ සඳහා MBS Investments, කටාර්හි ශෙයික් නයෙෆ් බින් ඊඩ් අල්තානිගේ පුද්ගලික කාර්යාලයේ ආයෝජන අංශය සහ Sherisha Tecnologies පුද්ගලික සමාගම ඇතුළු ප්‍රබල ආයෝජක සමාගම් කිහිපයක එකතුවෙන් ශක්තිමත් සමූහයක් පිහිටුවා ගත් බව එහි සඳහන්.

එම ආයෝජකයින්ගෙන් සැදුම්ලත් උපායමාර්ගික සන්ධානය ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අත්පත් කරගැනීම සඳහා සුප්‍රීම් ග්ලෝබල් සමාගමේ ප්‍රයත්නයට අනුග්‍රහය දක්වයි.

ඒ අතර සිටින ප්‍රබල ආයෝජකයෙකු වන ෂෙරීසා පුද්ගලික සමාගම ඉන්දීය රජයෙන් ප්‍රබල ආධාර ලබන සමාගමක් ලෙස සැලකෙන අතර ඔවුන්ගේ සහය මෙන්ම කටාර්හි හවුල්කාරීත්වය තුළ මෙම සමාගමට ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් අත්පත් කර ගැනීමට සමත් වුවහොත් වැඩිදියුණු කරන ලද මෙහෙයුම් හැකියාවන් සහ මූල්‍ය ස්ථාව‍රත්වයක් ඇති කර ගැනීමට එම සබඳතා ඔස්සේ හැකියාව ලැබෙනු ඇති බව සමාගම වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් මෑතකාලීනව ශ්‍රී ලංකාව තුළ වඩාත් කතාබහට ලක් වූයේ විශාල අර්බුදයක් වූ බලශක්ති අර්බුදය තුළ එම අර්බුදය යථාවත් කර ගැනීම සඳහා මූල්‍ය වශයෙන් බෙහෙවින් උපකාර කර සමාගමක් ලෙසයි.

Latest News

More like this

රාජ්‍ය ණය බර අඩුවෙලා

2025 වසරේ අගෝස්තු මාසය අවසානය වන විට රජය ගෙවිය...

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම නතර කරන්න.. ලොව ඉහළම ආර්ථික විද්‍යාඥයින් 120ක් බල කරයි

නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික...

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...