ජගත් මනුවර්ණ වෙඩි වැදී රෝහලේ..

රංගන ශිල්පී ජගත් මනුවර්ණ දර්ශන තලයකදී සිදු වූ වෙඩි තැබීමකින් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙනවා.

මේ දිනවල රූ ගත කිරීම් සිදු කරනු ලබන චමින්ද ජයසූරියගේ ෆාදර් සිනමාපටයේ රූගතකිරීම් අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය ආශ්‍රිතව සිදු කෙරෙන මෙම රූගත කිරීම් අතරතුර ඊයේ (28) රූගත කරනු ලැබූ වෙඩි තැබීමේ දර්ශනයකදී වැරදීමකින් මෙම අනතුර සිදුව තිබෙනවා.

ඊයේ රාත්‍රියේම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹට පිටත් කර එවා තිබෙන අතර සිදුවී ඇත්තේ සුළු තුවාළ බවත් ඔහුගේ තත්වය බරපතල නැති බවත් සඳහන්.

වෙඩි පිපිරවීම් සිදුකළ ශිල්පියා අතින් සිදු වූ අතපසුවීමක් මෙයට හේතුව බව වාර්තා වනවා.

Latest News

error: Content is protected !!