පාර්ලිමේන්තුව විසුරුවයි..? ප්‍රථමයෙන් මහා මැතිවරණය තියන්න සාකච්ඡා

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් පවතින බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා.

අද (29) දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර ඇති බව පසු ගිය දා දේශපාලන කවවල පැවති ප්‍රධාන මාතෘකාවක් වුණා.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලට පාදක වී ඇති කරුණු සම්පූර්ණයෙන් ම අසත්‍ය බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවීම් කිහිපයක් පැවැත්වුනු අතරතුර දී වීම ද විශේෂත්වයක්.

එම සාකච්ඡාවලදී ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇති බව සඳහන්.

මේ අතර ලබන ජූලි මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි මීට පෙර තොරතුරු වාර්තා වූයේ.

කෙසේ වෙතත් ව්‍යවස්ථානුකූලව සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි.

ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු වූවහොත් මහමැතිවරණයක් පැවැත්වීමට සිදු වන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

Latest News

More like this

සපුගස්කන්ද OIC ට එරෙහි විමර්ශනය හරි.. රන්වලට එරෙහි විමර්ශනය කවදාද?

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ ජීප් රිය අනතුර ලක්වීමෙන් පසු...

රට හදන්න සිරිසේන පවුලෙනුත් කෝටි 10ක්

අරලිය සමූහ ව්‍යාපාරය මඟින් හදිසි ආපදා තත්වය හේතුවෙන් විපතට...

තනි මිනිහෙක්ගෙන් රටක් පාලනය කරන්න පුළුවන්ද..?

ජනාධිපතිවරණය, මහ මැතිවරණ සහ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අපගේ මාධ්‍ය...

රන්වල අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ජාතික රෝහලට..

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල අත්අඩංගුවට ගැනීම...