ලංකා ඉතිහාසයේ හතර පොළක පවත්වපු දැවැන්තම මැයි දිනය වේවි – ලක්ෂ ගණනින් සෙනඟ ඒවි

මෙරට ඉතිහාසයේ දැවැන්තම මැයි රැළිය සහ මෙරට ඉතිහාසය වෙනස් කරන මැයි රැළිය බවට මෙවර ජාතික ජන බලවේගයේ මැයි රැළි පත්වනු ඇතැයි ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

දිවයින පුරා ප්‍රධාන දිස්ත්‍රික්ක හතරක් ආවරණය වන පරිදි කොළඹ, මාතර, අනුරාධපුරය හා යාපනය යන ස්ථානවල පැවැත්වෙන මැයි රැළි හතරට ලක්ෂ ගණනින් ජනතාව සහභාගී වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ සඳහන් කළා.

“අපේ මැයි දිනයට සහභාගි වෙන පිරිස කොළඹට ගෙනත් එක පිට්ටනියක තියා ගන්න බැරි තරම් විසාලයි. ඒ නිසා තමයි අපි ස්ථාන හතරක මැයි දිනය පවත්වන්නේ. ලංකා ඉතිහාසයේ දැවැන්තම මැයි දිනය හතර තැනක පවත්වන එකම ව්‍යාපාරය අපි. අපි හිතනවා ලක්ෂ ගාණින් ජනතාව ඒවි. ඉතිහාසය ඇතුළෙ ඉතිහාසගතවෙන මැයි දිනයක් අපි කරනවා”

Latest News

error: Content is protected !!