ස්ටේජ් නඟින්න ලක්ෂ දෙකක් ඉල්ලුව අංජලී හේරත් ඇත්‍තම කියයි

දෙරණ ඩ්‍රීම් ස්ටාර් 11 වෙනි අදියර ජයගත් අංජලී හේරත් පසුගිය දින කිහිපය පුරා පුවත් මවන්නියක් බවට පත් වුණා. ඒ ප්‍රසංගයකට ඇය රු ලක්ෂ දෙකක් වැනි ලොකු මුදලක් අය කරන බව පැවසීම නිසා.

තඹුත්තේගමෙන් බිහිවෙලා මිනිස්සුන්ගේ SMS වලින් රියැලිටි තරඟයක් දිනුව අංජලී අනුරාධපුරේ උපන් පළාතේ ප්‍රසංගයකට එච්චර ගාණක් ගන්න එක වැරදි, මුල අමතක කිරීමක් කියලා සමහරු කිව්වා.

ඒත් අංජලී ඒ ගැන කියන්නෙ මෙහෙම කතාවක්.

අංජලී මේ ටිකේම ප්‍රසංග වේදිකාව උඩමයි නේද?
ඔව් රට වටෙන්ම ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. රැකියාවත් කරන ගමන් පුළු පුළුවන් විදියට ඒවටත් යනවා. ඒ වගේම කියන්න ඕන එන මැයි 03 වැනිදා ‘සීමා නෑ’ කියන මගේ අලුත් ගීතයත් මියුසික් වීඩියෝවත් එක්කම එළිදක්වනවා.

අපි දැක්කා අලුත් ගීතයේ මියුසික් වීඩියෝව වෙනුවෙන් ජිවිතේ අවදනමේ දාන හැටි
(සිනාසෙමින්) ඔව් ඒක බලද්දි තේරෙයි මං කොයිතරම් අවදානමක්ද අරගෙන තියෙන්නේ කියලා. රිවස්ටන්වල තමයි රූගත කළේ. හෙළක් පහළට කඹයක් දාලා ඒ කඹේ දිග අඩි ගාණක්ම පහළට බැහැලා තමයි මං ඒකට පෙනී හිටියේ.

එහෙනම් මරණ බය එහෙමත් දැනෙන්න ඇති නේද?
ඒක නම් හොඳටම දැනුණා. හුළඟට මං හිටපු කඹේ පැද්දෙන කොට තමයි ඒක හොඳටම දැනුණේ.

දෙරණ ඩ්‍රීම් ස්ටාර් ජයග්‍රහණයත් එක්ක ජීවිතේ වෙනස් වුණේ කොහොමද?
අදටත් ඒක හීනයක් වගේ. ඇත්තටම කීවොත් ජීවිතේ හරිම සුන්දර විදියට අනෙක් පැත්ත ගැහුවා. ඒ වෙනුවෙන් ‘දෙරණ’ නාලිකාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ.

මේ දවස්වල සමාජ මාධ්‍යයේ අංජලී රැල්ලක් යනවා?
ඔව් ඔව් කවුදෝ කෙනෙක් අනුරාධපුරේ ප්‍රසංගයක් වෙනුවෙන් මං ලක්ෂ දෙකක් ඉල්ලපු කතාවක් එක්ක අංජලී රැල්ලක් යනවා තමයි.

ඉතින් ඒ කතාව ඇත්ත එකක්ද?
මං අනුරාධපුරේ එහෙම ශෝ එකක් බාරගත්තේ නෑ. ගම වුණාට ඩ්‍රීස්ටාර් වුණාට පස්සේ මං ඒ පැත්තේ ප්‍රසංග දෙකකට විතරයි ගියේ. ඒ අනුරාධපුරේ එකකටයි තලාවේ එකකටයි. මගේ ගම් පළාත හින්දා ඒ ප්‍රසංග දෙකටම මං ගාණක් කිව්වේ නෑ. මං කොළඹ ඉඳලා එන්නේ ඒ එක්ක බලලා කැමති ගාණක් දෙන්න කිව්වා. ඒ එක්ක බැලුවම මේක මොන මඩක්ද කියලා මටත් හිතාගන්න බෑ.

එහෙම මඩ ගහන අයට දෙන්න අංජලී ගාව උත්තරයක් තියෙනවද?
මං ඒ අය එක්ක එකට එක කියාගෙන යන්නේ නෑ. දන්න අය දන්නවා මං කවුද කියලා. ඒ නිසා කවුරු මඩ ගැහුවත් මට ප්‍රශ්නයක් නෑ.

කවුරු මොකට මඩ ගැහුවත් ඔබේ රසික රසිකාවියන් ඔබ වෙනුවෙන් පෙනී ඉන්න එක ගැන මොකද හිතන්නේ?
ඒ තමයි මට ඇත්තටම ආදරේ කරන අය. කෙටියෙන්ම කිව්වොත් ඒ අයටත් මං ගොඩාක් ආදරෙයි.

රටේ කොතැන ප්‍රසංගයකට ගියත් අංජලීට ටිපිටිප් හම්බෙනවලු නේද?
(සිනාසෙමින්) ඩ්‍රීස්ටාර් දිනපු කාලේ මල් ලැබුණා. ඊටත් පස්සේ එක එක තෑගි ජාති ලැබුණා. දැන් ටිපිටිප් තමයි. ඒක වුනේ මං දෙරණ ‘මා නොවන මම වැඩසටහනේදි කිව්වනේ පොඩි කාලේ ඉඳන්ම ටිපිටිප් කන්න ආසයි කියලා. එදා ඉඳන් කොහේ තියෙන ප්‍රසංගයකට ගියත් ටිපිටිප් නම් වරදින්නේ නෑ.

අසීමිත ජනප්‍රියත්වය කරදරයක් වුණු වෙලාවල් තිබිලා නැද්ද?
එහෙම හිතන්නේ නෑ, ඇලිස්සි ගමනක් එහෙම යන්න වුනත් මං මාස්ක් එක දාගෙන යන වා. ඒ වුණාට එළියට බැහැපු ගමන් මාව දන්න අය ළඟට ඇවිදින් කියනවා ‘මාස්ක් එකක් දාගෙන හිටියට අපි ඔයාව ඔය කොණ්ඩෙන් අඳුනගත්තා’ කියලා.

එහෙනම් දැන් කොණ්ඩේ වවමුද?
ඩ්‍රීම්ස්ටාර් අංජලී කියපු ගමන් ගොඩාක් අයට මතක්වෙන්නේ කොණ්ඩේ කපලා ඉන්න අංජලී.
ඉතින් මං ආසයි දිගටම ඒ පෙනුමෙන් ඉන්න, අනික මේක පහසුයි.

ඔබේ පෙනුමත් එක්ක රංගනයට එහෙම ආරාධනාවක් ආවොත් අංජලී බාරගන්නවද?
(සිනාසෙමින්) දන්න දේ කරගෙන ඉන්න එක හොඳයි නේද?

ඊළඟට අහන්න හිතුවේ ටිකක් අමාරුවේ දාන ප්‍රශ්නයක්. හිතාගන්න පුළුවන්ද?
(සිනාසෙමින්) මං දන්නවා. අහන්න ගියේ දැන් පෙම්වතියක්ද කියලනේ. උත්තරේ නෑ, හැබැයි දිගට හරහට යෝජනා නම් එනවා. ඒත් මං ආසයි තව අවුරුදු තුනක් හතරක් ඉන්න විදියට ඉන්න.

රුවන් එස් සෙනවිරත්න (Dharani)

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!