ගොසිප් එක ඇත්තක් වුණා.. මේ අවුරුද්දේ ඒකත් වේවි – පූජනී භාග්‍යා

පූජනී භාග්‍යා හරි ඉක්මණින් මිනිස්සු වැළඳගත්තු වගේම කෙටි කලකින් ලොකු හැකියාවක් පෙන්නුව කලාකාරිනියක්. 2023 රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී ඒ බව ඔප්පු කරමින් හොඳම සහාය නිළිය ලෙස නිර්දේශ නාමයන් අතරට එන්නත් ඇයට හැකි වුණා.

පූජනී ගැන කියනකොට ගයාන් ගැන නොකිය බැහැ. ඒ ආදරේ දැන් කාටවත් රහසක් නෙවෙයි. පත්තරේක වෙඩින් ෆොටෝ ෂූට් එකක් නිසා ගොසිප් එකක් විදියට එළියට ආව ඒ කතන්දරේ ඇත්තක් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.

මේ ඒ ගැන වගේම මේ අවුරුද්දෙ වෙන්න යන විශේෂම දේ ගැන පූජනී කියන කතාවයි.

මෙවර රයිගම් සම්මාන උළෙලේදි පූජනී 2023 වසරේ විශිෂ්ටම ටෙලිනාට්‍ය සහාය නිළිය විදිහට නිර්දේශ වුණා. අපි එතැනින්ම කතාබහ පටන්ගමු නේද?
ඔව්. ඒ ගැන නම් හරිම ලොකු සතුටක් තියෙන්නේ.මගේ රංගන ජීවිතය තුළ පළවෙනි වතාවටයි මේ වගේ විශිෂ්ට සම්මානයක් වෙනුවෙන් මම නිර්දේශ වුණේ. ඒ ස්වර්ණවාහිනී නාළිකාව තුළ විකාශනය උනු “මැස්සා” ටෙලිනාට්‍යයේ මං කරපු “පිංකි” චරිතය වෙනුවෙන්.

සම්මාන උළෙලෙදි එම සම්මානය නොලැබුණත් නිර්දේශ වූ එකට පූජනීට සතුටු ඇති?
අනිවාර්‌යෙන්ම. සම්මානය නොලැබුණත් නිර්දේශිත නාම අතරට එක්වීමත් මට නම් සම්මානය ලැබුණා වගේ තමයි. ඒ නිසා සම්මානය නොලැබීම ගැන කිසිම දුකක් හෝ කනගාටුවක් නෑ.

මේ දවස්වල ඔබේ රංගන කටයුතු එහෙම කොහොමද?
රංගන කටයුතු ගැන කිව්වොත් ඉතින් සුපුරුදු විදිහට ටෙලිනාට්‍යය කිහිපයක රූගතකිරීම් කරගෙන යනවා. ඉදිරියේදී ඒවා විකාශනය වෙයි.

දැන් නම් ඉස්සර වගේ බලු පැටව් පූස් පැටව් ගෙදර ගෙනැත් බලාගන්නේ නැතුව ඇති?
දැන් ර‍ංගන වැඩකටයුතු එක්ක ටිකක් කාර්යබහුලයිනේ. ඒ නිසා ලොකුවට ඒ දේවල් කරන්නේ නෑ. ඇයි ඉතින් ගෙනාවා වගේ නෙවෙයි උන් ගැන බලන්න වෙලාවක් නෑනේ. හැබැයි කලින් ගෙනාපු අය තාම ගෙදර ඉන්නවා.

කලා ක්ෂේත්‍රයට ගොසිප්වලින් කිසි අඩුවක් නෑනේ. ගොසිප්වලට බයද?
ලොකුවට මට ගොසිප් හැදිලා නෑනේ. ඒ නිසා එහෙම බයක් නම් නෑ. මට හැදුනේ එක ගොසිප් එකයි. ඒ මං ගයාන් අයියා එක්ක කරපු වෙඩින් ෆොටෝ ෂූට් එකක් හින්දා. එදා ගොඩාක් අය හිතුවේ මමයි ගයාන් අයියයි බැඳලා කියලා. හැබැයි ඒ හැදුනු එකම ගොසිප් එකත් දැන් ඇත්ත වෙන්න යන්නේ.

ඒ කියන්නේ ළඟදිම පූජනී ගයාන් විවාහය වෙනවා. එහෙමද?
ඔව් ඔව්… ගොඩාක් දුරට මේ අවුරුද්දේ අන්තිම කාලේ හරි එන අවුරුද්දේ මුල හරි අපි විවාහ වෙයි.

විවාහයෙන් පස්සේ පූජනී රංගන ජීවිතේට සමුදෙන්න එහෙම හිතාගන ඉන්නවද?
අයියෝ එහෙම නම් අදහසක් නෑ. මගේ ආසාව දිගටම රඟපාන්න. විවාහ වුණා කියලා ඒ දේවල් ඉතින් නවත්තන්න ඕන නෑනේ.

ගයාන් කිව්වොත් පූජනී රඟපෑවා ඇති කියලා?
මං හිතලා එහෙම දෙයක් කළත් ගයාන් අයියා නම් කිසිම දවසක මට එහෙම දෙයක් කියන්නේ නෑ. ගයාන් අයියා මං රඟපානවට කැමැතියි.

රසිකයින් අතරින් එහෙම පූජනීට ආදර යෝජනා ඇවිත් නැද්ද?
එහෙම ආපු වෙලාවලුත් තියෙනවා. ඒත් දැන් මං ගයාන් අයියත් එක්කම ඉන්න හින්දා ඒ වගේ යෝජනා නම් කාලෙකින් ආවේ නෑ.

මේ වෙනකොට පූජනී වටා සෑහෙන ලොකු රසික රසිකාවියන් පිරිසක් ඉන්න බව පේනවා. මේ අලුත් අවුරුද්දේ ඔවුන් වෙනුවෙන් කියන්න දෙයක් තියෙනවද?
මේ හිටියා වගේම මගෙත් එක්ක ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අනිත් දේ තමයි ඔවුන් මට කොච්චර ආදරෙයිද ඒ තරමටම මමත් ඔවුන්ට හරි ආදරෙයි.

Aruna

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!