රනිල්ගේ මාමාගෙ පත්තරෙන් කළ විවාද ආරාධනාවත් අනුර පිළිගනී.. සජිත්ගෙන් උත්තරයක් නෑ

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනා සමඟ ඩේලි මිරර් සහ ලංකාදීප පුවත්පත් විසින් පවත්වනු ලබන දේශපාලන විවාදය සඳහා කරනු ලැබූ නිල ආරාධානය ජාතික ජන බලවේගය (NPP) ඊයේ(30) පිළිගෙන ඇති බව එම පුවත්පත් සමූහය පවසනවා.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තවමත් ඔහුගේ සහභාගීත්වය තහවුරු කර නොමැති බවයි ඔවුන් පවසන්නේ.

ඩේලි මිරර් ආරාධනය NPP ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් පිළිගෙන ඇති අතර ඔහු පැවසුවේ NPP නායක අනුර කුමාර දිසානායක විවාදයට සූදානම් බවත් ඊට සහභාගී වන බවත්ය.

ඊයේ සවස් වන විට සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා පත්‍රය ලැබී ඇති බව ප්‍රේමදාස මහතාගේ කාර්යාලය තහවුරු කර තිබෙනවා. එය විවාද කටයුතු මෙහෙයවන පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර වෙත යොමු කර ඇති බවයි සඳහන් කර ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල ආරාධනය ළඟදීම භාරදීමට නියමිතයි.

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනා වන රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ට ඔවුන්ගේ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති සහ තමන් ජයග්‍රහණය කළහොත් රට ඉදිරියට ගෙන යාමේ ප්‍රතිඥාවන් පිළිබඳව සජීවී දේශපාලන සංවාදයක් සඳහා ඩේලි මිරර් සහ ලංකාදීප අප්‍රේල් 8 වැනි දින ආරාධනාවක් කළ අතර එළඹෙන ජනාධිපතිවරණය ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.

මෙම සම්මුඛ සාකච්ඡාව ඩේලි මිරර්, ලංකාදීප, සහ ටැමිල් මිරර් සහ සන්ඩේ ටයිම්ස් ඩිජිටල් වේදිකාවල සජීවීව විකාශය කෙරේ.

අපේක්ෂකයින් තිදෙනාම ආරාධනා පිළිගත් පසු විවාදය පැවැත්වීමට දිනයක් සහ වේලාවක් නියමිත වේලාවට ප්‍රකාශයට පත් කරන බව සඳහන්.

Latest News

More like this

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...

බැලුන් නෑ කිවු කතාව අතේ රෝලක්.. ජනපති පොලිස් ඇමතිට පලු යන්න අමතලා..

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ රිය අනතුර හේතුවෙන් ආණ්ඩුව දැඩි...

ට්‍රම්ප්ව නොසලකා පුටින්ව ලොකු කර ගැනීමට අනුර සැරසේ

ස්වාභාවික ද්‍රව වායු (LNG) පර්යන්තයක් ඉදිකිරීම සහ සපුගස්කන්ද තෙල්...