දූෂිත ප්‍රභූ පන්තියේ පාලනය යටතේ පවත්වන අවසාන මැයි දිනය ලෙස මෙවර මැයි දිනය තීරණාත්මක බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
සැප්තැම්බර් 17ට පස්සෙ ඔක්තෝබර් 17 ට කලින් ජනාධිපති මැතිවරණය පැවැත්වෙන අතර එම ජනාධිපතිවරණය ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සඳහා සියලු කටයුතු සිදු කර ඇති බව ඔහු සඳහන් කළා.
එබැවින් එළැඹෙන මැතිවරණය පවත්වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක බව යි ඔහු පැවසුවේ.
ගොල්ෆේස් පිට්ටනියටත් වඩා විශාල මාතර මූදු තීරය ජාතික ජන බලවේගයේ මැයි රැළිය වෙනුවෙන් එකම එක හිස් ගොඩක් බවට පත්ව ඇති අයුරු තමා දුටු බවත් කොළඹ ද එයට දෙවැනි නොවන බව ඔහු පවසනවා.
“එන ගමන් වසන්ත සහෝදරයාට කතාකරලා අනුරාධපුරේ තත්ත්වෙ කොහොමද ඇහුවා. වසන්ත කිව්ව සල්ගාදු පිටිය පිරිලා ඉතිරිලා පැති තුනේම පාරවල් පිරිලා ඉතිරිලාකියලා. විශාල මහ ජන ගඟක්. අපි විතරද තියන්නෙ. නෑ ඒගොල්ලොත් තියනවා.
දැන් ඔයාල ගියොත් චැතම් වීදිය බලන්න. එතන ඉන්නව වේදිකාවේ මහින්ද රාජපක්ෂගේ හිටපු ඇමති ජී.එල් පීරිස්, නාලක ගොඩ හේවා ඉන්නවා. රනිල්ගෙ හිටපු ඇමති සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, කිරිඇල්ල, රාජිත ඇතුළු කට්ටුවක් ඉන්නව.
මෛත්‍රීපාල සිරිසේනගෙ හිටපු ඇමති ඩිලාන් පෙරේරාත් ඉන්නව. අපි ගියොත් කැම්බල් පැත්තට. ඒකෙ ඉන්නව මහින්ද රාජපක්ෂ. එයාගෙ ආණ්ඩුවේ ඇමති බැසිල් රාජපක්ෂ. එතන බැලුවොත් නම් පවුලකුත් වගේ”යැයි ද පැවසුවා.