චීනයේ දින පහක ජාතික නිවාඩුව අතර ඛේදවාචකයක් – ට්‍රිප් යමින් සිටි 36 කට දිවි අහිමි වෙයි

ගිණිකොණ දිග චීනයේ ග්‍රාමීය ප්‍රදේශයක අධිවේගී මාර්ගයක අඩි 60කට ආසන්න කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයන් 36 දෙනෙකු මිය ගොස් තවත් 30 කට අධික ප්‍රමාණයකට තුවාල සිදුව තිබෙනවා.

කන්දක් අසලින් දිවෙන අධිවේගී මාර්ගයක මංතීරු දෙකක් නාය යෑමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇති බව සිද්ධියෙන් පසු නිකුත් වූ ඡායාරූපවලින් තහවුරු කර තිබෙනවා.

රජයේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ, දිවි ගලවා ගත් බොහෝ දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර, රියදුරන් සහ මගීන් බරපතල අස්ථි බිඳීම් සහ අභ්‍යන්තර අවයව වලට තුවාල ලබා ඇති බවයි.

සිදුවීමට මුහුණ දුන් අයෙකු මාධ්‍ය වෙත පැවසුවේ තමාට විශාල පිපිරුම් හඬක් ඇසුණු බවත්, තම මෝටර් රථය පාලනය කර ගැනීමට කෙටි වේලාවක් අරගල කළ බවයි.

ඔහු පිටුපසින් මාර්ගය කඩා වැටී ඇති බවත් ඔහු පසුපසින් පැමිණි මෝටර් රථ නාය ගිය කොටස ඔස්සේ පහළට අතුරුදහන් වූ බවත් ඔහු පවසා තිබෙනවා.

ඊයේ චීනයේ දින පහක ජාතික නිවාඩුවක් ආරම්භ වීමත් සමඟ අධිවේගී මාර්ග තදබදය දැඩි ලෙස පැවති බව සඳහන්.

කඩා වැටුණු අධිවේගී මාර්ගයේ කොටස Guangdong පළාතේ Meizhou නගරයට නැගෙනහිරින් මායිම් වූවක්.

විපතට පත් වූවන් නිවාඩුව ආරම්භ වන විට අසල්වැසි ෆුජියන් පළාතට යමින් සිටි බවයි පැවසෙන්නේ.

Latest News

More like this

විශ්‍රාම වැටුප අහිමි අසරණ පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කරුණා සහගත දීමනාවක්…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් පසු කරුණා සහගත...

විශ්ව රූ රැජින ෆාතිමා බෝෂ් ව්‍යාජ ජයාග්‍රාහිකාවක්…

2025 විශ්ව රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව වූ මෙක්සිකානුරූ රැජින...

මහීමා චෞද්‍රි පියයුරු පිළිකාව සමඟ කළ සටන

90 දශකයේ අගභාගයේ සුභාෂ් ගයි අධ්‍යක්ෂණය කළ පර්දේස් කියන්නේ...

සංක්‍රාන්තික ලිංගික පුද්ගලයින්ගෙන් බහුතරය ලිංගික ශ්‍රමික රස්සාව තෝරාගෙන…

මෙරට සිටින සංක්‍රාන්තික ලිංගිකභාවයක් (Transgender Sex) සහිත පුද්ගලයින්ගෙන් සියයට...