අනුර හරියටම හරි – විජේවීරගේ පින්තූරේ කෝ කියල ඇහුව අයට දීප්තිගෙන් උත්තරයක්

ඉදිරි ජනාධිපතිවරණය කේන්ද්‍ර වී ඇත්තේ පක්ෂ මත නොව පුද්ගලයින් මත බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පවසා තිබෙනවා.

රාජ්‍ය මාධ්‍ය ආයතනයක පුවත්පත් කියවීමේ වැඩසටහනක් අතරතුර ඔහු පැවසුවේ ජනපති රනිල් වික්‍රමසිංහ එජාපයේ මැයි දින රැලියට සජබයෙන් කොටසක් කඩා නොගත්තේ දිගු කාලීන උපායමාර්ගයක් ලෙසින් බවයි.

ඔහුගේ අවශ්‍යතාව ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නැවත එක්සත් කිරීම මිස සජබය මේ මොහොතේ දුර්වල නොකිරීම බව ඔහු සඳහන් කරනවා.

“මට තේරෙන්නෙ නෑ ලංකාවේ පත්‍තර කියවන අය යටිගිරියෙන් කෑ ගහනවා. ඒ ගොල්ලන්ගෙන් තව ටික දවසක් යනකොට පෙත්තප්පුලගෙ සද්ද විතරයි එන්නෙ. ඒගොල්ලො කෑගහනකොට අපට තේරෙනවා දේශපාලනය ඇර අනිත් ඔක්කොම තේරෙනවා. දේශපාලන දන්නවා නම් මේ Strategy එක නොතේරෙන්න විදියක් නෑ.

මේ වෙලාවෙ ඇත්තටම ඉන්නෙ පුද්ගලයො. ඉදිරියෙ එන ජනාධිපතිවරණයේදී වැදගත් වෙන්නෙ පුද්ගලයා කවුද කියන එක. ලංකාවෙත් තියෙනව. ටොරෙන්ටොවලත් තියෙනව. හැම තැනම බ්‍රෑන්ඩ් කරන්නෙ අනුරව. මං කියන්නෙ ඒක නරකයි කියන එක නෙවෙයි. සමහරු කම්ප වෙනව රෝහණ විජේවීරගේ පින්තූරයක් නෑ කියලා. රෝහණ විජේවීර අවුට් ඔෆ් ඩේටඩ්. අහන අයට බය නැතුව උත්තර දෙන්න රෝහණ විජේවීර කොහෙද 21වෙනි සියවසට ගැළපෙන්නෙ කියල.

රෝහණ විජේවීර නෙවෙයි ලෙනින්ගෙ පවා යම් දේවල් තියෙනව විමර්ශනය කරල අලුතෙන් හදන්න ඕන දේවල්. අනුර කුමාර හරියට හරි. මේක රනිල් වික්‍රමසිංහත් දන්නව, මේ වෙලාවේ බ්‍රෑන්ඩ් එක තියෙන්නෙ ඉන්ඩිවිජුඅලි. සජිත් ඉන්නව. අනුර ඉන්නව. රනිල් ඉන්නව. පක්ෂ නෑ”

Latest News

More like this

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...

දිලිත්ගේ දෙරණ අමෙරිකානු සුපර් හර්කියුලිස් ගුවන් යානයකින් උතුරට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන...

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...