අවහන්හලක දී ඝාතනය වූ ඉක්වදෝරියානු රූ රැජින ඝාතනයට පැමිණි ඝාතකයින් ඇය සිටින ස්ථානය සොයාගෙන ඇත්තේ ඇයගේ ඉන්ස්ටග්‍රෑම් හි පළ කරනු ලැබූ බූවල්ලන් සලාදයක් සහිත ඡායාරූපයක් ඔස්සේ බව අනාවරණය කරගෙන තිබෙනවා.
23 හැවිරිදි Landy Párraga Goyburo මහ දවල් අවන්හලක වෙඩි තැබීමකින් ඝාතනය වූ අතර විදෙස් මාධ්‍ය පවසන්නේ ඇය, අනියම් ඇසුරක් පැවැත්වූ බවට සැලකෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ වැන්දඹුවක් විසින් මෙම ඝාතනය සඳහා අණ කර ඇති බවයි.
Quevedo හි අවන්හලට සන්නද්ධ මිනිසුන් දෙදෙනෙකු කඩා වැදී ඇයට කිහිප වතාවක් වෙඩි තබන විට Páraga ඇය දිවා ආහාරය සඳහා අනුභව කිරීමට සූදානම් වූ ඡායාරූපය Instagram හි 173,000 අනුගාමිකයින් වෙත යවා තිබුණා.
ආපනශාලාවේ CCTV කැමරාවෙන් Páraga සහ ඇය සමඟ සිටින පුද්ගලයෙකුට වෙඩි තබන ආකාරය සටහන් වී තිබෙනවා.
2022 වසරේ ඉක්වදෝර් රූ රැජින තරඟාවලියේ පස්වන ස්ථානය ලබා ගත් Páraga, මීට මාස 18කට පෙර බන්ධනාගාර කෝලාහලයකින් මියගිය විවාහක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ Leandro Norero ගේ පෙම්වතිය වූ බව පැවසෙනවා.
Noreroගේ බිරිඳ,Lina Romero, විනිසුරුවරුන්ට සහ නඩු පවරන්නන්ට අල්ලස් දීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ අයෙක්. ඉක්වදෝරියානු පුවත්පත්වලට අනුව, Páraga, Noreroගේ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ බවට චෝදනා ලබා තිබෙනවා.
TikTok හි මිලියනයකට වඩා අනුගාමිකයින් සිටින ඇයට ක්‍රීඩා ඇඳුම් සන්නාමයක් සහ භාණ්ඩ ආනයනය කිරීමේ ව්‍යාපාරයක් හිමි වූ බව සඳහන්.
විමර්ශකයන්ට ඔහුගේ මරණයෙන් පසු Noreroගේ දුරකථනයෙන් රූ රැජිනගේ ඡායාරූප, මහල් නිවාස සහ මෝටර් රථ ඇතුළු ඔහු ඇයට ලබා දුන් සුඛෝපභෝගී තෑගි පිළිබඳ සාක්ෂි රැසක් සොයා ගැනීමට හැකි වූ බව වාර්තා පවසනවා.