ගෝඨාභය රාජපක්ෂට මගේ චෝදනා ප්‍රතික්ෂේප කරන්න බැහැ – කාදිනල් හිමි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021 වසරේ තමා සමඟ කළ දුරකථන සංවාදයේදී පැවසූ දේ ප්‍රතික්ෂේප කළ නොහැකි බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශය ගැන සඳහන් කරමින් කාදිනල් හිමිපාණන් කියා සිටියේ තමාට සමීප පුද්ගලයන්ට සහ සංවිධානවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බැවින් ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම හිටපු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවයි.

2021 පෙබරවාරි 2 වැනිදා හිටපු ජනාධිපතිවරයා මා සමඟ දුරකථනයෙන් කතා කළ බව මට සහ මගේ ලේකම්වරයාට තහවුරු කර ඔප්පු කළ හැකියි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන සොයා බැලූ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත්තේ ඉස්ලාමීය අන්තවාදී සංවිධාන තහනම් කිරීම පමණක් බව රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළා.

එම වාර්තාවේ පැහැදිලිවම ඉස්ලාම් නොවන සංවිධානයක් තහනම් කිරීමට නිර්දේශ කර ඇති බව හිටපු ජනාධිපතිවරයාට මෙම කරුණු ප්‍රතික්ෂේප කළ නොහැකි බව කාදිනල් හිමියන් සඳහන් කරල් තිබෙනවා.

එමෙන්ම උන්වහන්සේ, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ බුද්ධි අංශ නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා කර සිටිනවා.

ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කොමිසම නිර්දේශ කර ඇතත් ඔහුට එරෙහිව පියවර නොගන්නේ මන්දැයි කාදිනල්වරයා ප්‍රශ්න කර සිටියා.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සෑම දෙයක්ම වත්මන් රජය තවදුරටත් කාපට් යටට තල්ලු කරමින් සිටින බවද එතුමන් වැඩිදුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...