මගේ එකත් සර්විස් කරන්න කාලෙ හරි – ඇමතිවරුන්ට වාහන දෙන එකේ වරදක් නෑ – කතානායක

තමා මේ වන විට භාවිත කරන වාහනය අලුත්වැඩියා කිරීමට ප‍්‍රධාන පෙළේ සමාගමකින් රුපියල් දෙකෝටි හැට අට ලක්ෂයකට ඇස්තමේන්තු කර ඇති බැවින් මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ලබා දීම යෝග්‍ය බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව එළඹෙන සතියේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී සාකච්ඡා කරන බවයි ඔහු පවසන්නේ.

තම වාහනය වසර15 ක් පැරණි බැවින් අලුත් වැඩියා කරනවට වඩා අලුත් වාහනයක් ලබා ගැනීම සුදුසු බව තමාටද හැඟී ගොස් ඇති බව ඔහු පවසනවා.

ඕනෑම වාහනයක් වසර දහයකට වැඩි කාලයක් පරිහරණය කිරීමට නොහැකි බවත් පවසන කතානායකයා දැනට තමන් පෞද්ගලික වාහනයක් හා පැරණි වාහනයක් ගමන් බිමන් සඳහා යොදාගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්‍තේ.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...